Sunday, June 26, 2011

Social Anxiety හෙවත් සමාජ භීතිකාව

Social anxiety disorder හෙවත් සමාජ භීතිකාව

මාජ භීතිකාව යනු සාමාජීය අවස්ථාවන්ට ඇති අධික බියයි. මෙම භීතිකාව ඇති අයට සාමාජීය වශයෙන් වැඩ කිරීමේදී සහ එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාමේදී දැඩි අපහසුතා ඇතිවේ. රෝගය සහිත පුද්ගලයින් ගේ මූලික ලක්ෂණය වන්නේ, අන් අය තමන් ගැන කෙසේ සිතාවි දැයි යන අධික සහ නිරන්තර භීතියයි. කවර දෙයක් කලද මෙම බිය ඔවුන්ගේ පිටුපස පැමිණෙයි.

රෝගයෙන් පෙලෙන්නන්ගේ කායික රෝග ලක්ෂණ වන්නේ: රතු වීම, අධික ලෙස ‍දහඩිය දැමීම, ‍අධික පපුවේ ගැස්ම, ක්ලාන්ත ගතිය, ගොත ගැසීම, වේගයෙන් සහ නොවැටහෙන පරිදි කථා කිරීම යනාදියයි. මෙම ලක්ෂණ වැඩි වශයෙන් මතු වන්නේ ආතතිය ගෙන දෙන සමාජශීලී අවස්ථාවන් වලය. මෙම භීතිය අතිශයින් ම උග්‍ර වුවහොත් Panic Attacks සහ depression යන තත්ව මතුවීමට ඉඩ තිබේ. මෙවැනි සමහරක් රෝගීන් සාමාජීය අවස්ථාවන්ට ඇති අධික බිය පහ කර ගැනීමට ඇතැම් විට මධ්‍යසාර හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කරයි. කලින්ම රෝගය හදුනා ගැනීම මගින් රෝගය උත්සන්න වීම නතර කළ හැකිය.

සමාජ භීතිකාව සහිත පුද්ගලයින් තමන් ගැන අවශ්‍ය පමණට වැඩිය සිතයි. කිසියම් ක්‍රියාවක් කළ පසු ඔවුන් ඒ ගැන අවශ්‍ය පමණට වඩා කල්පනා කරයි. එසේම ඔවුන්ට තමන් ගැන අධි තක්සේරැවක් ඇත. එනම්, කිසියම් වැඩක් කරන විට එම වැඩය තමන් විශිෂ්ඨ ලෙස අකුරටම කළ යුතු යැයි ඔවුන් සිතයි. මෙනිසා තමන් කළ යම් වැඩක් වැරදී ගියහොත්, එයින් ඔවුන් දැඩි අසහනයට පත් වේ. ඔවුන් අනෙකුන් ඉදිරියේ උසස් හැසිරීමක් සහ තත්වයක් පෙන්වීමට උත්සාහ කරන නමුත්, තමන් පහත් බව හැම විටම සිතයි. බිය ඇති කරවන කිසියම් සමාජීය අවස්ථාවකට අනාගතයේ දී මුහුණ දෙන්නට තිබේ නම්, ඔවුන් කළින්ම සිතන්නේ එහිදී තමාට වැරදීමට සහ ලැජ්ජාවට පත්වීමට ඇති ඉඩකඩ ගැන සහ, එම අවස්ථාවන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැනයි. එම සමාජීය අවස්ථාව නිම වූවායින් පසු ඔවුන් තමන්ගේ හැසිරීම විචාරයට ලක් කරන අතර, එවිට ඔවුන් සිතන්නේ තමන් හැසිරැණු සැටි හොද මදි යැයි කියාය. මෙම හැගීමෙන් ඇතැම් විට දින ගණනාවක් යන තෙක් ඔවුන් පීඩා විදිති. අධ්‍යනයන්ට අනුව සොයාගෙන ඇත්තේ, සමාජ භීතිකාව ඇති පුද්ගලයින්ට, තමන් ට ලැබුණු ඍණ අත්දැකීම්, ධන අද්දැකීම් වලට වඩා ඉතා හොදින් මතක හිටින බවය.

නමුත් මෙවැනි රෝගියෙකු දකින අන් පුද්ගලයින් වැරදි ලෙස සිතන්නේ ඔහු හෝ ඇය අධික මානයක් සහිත පුද්ගලයෙකු බවය. මන්ද යත් ඔහු/ඇය වැඩි කතා බහකින් හෝ සිනාවකින් තොරව පසු වන හෙයිණි. එහෙත් සිදුවන්නේ එම සාමාජීය අවස්ථාවේදී රෝගියාට දැඩි අපහසුවක් දැනීමෙන්, වැඩි දුර කථා කිරීමට හෝ පුද්ගලයින් සමග එම මොහොතේ සමාජශීලී වීමට නොහැකි වීමය. එවැනි පුද්ගලයෙකුට අවශ්‍ය වන්නේ, තමන්ට ආතතිය ගෙන දෙන එම ස්ථානයෙන් හැකි ඉක්මනින් ඉවත් වී හුදකලා වීමට ය.

මෙම රෝගය සදහා උදාහරණයක් වශයෙන්, රෝගය සහිත කෙනෙක් පිරිසක් ඉදිරියේ කථා කිරීමේ අවස්ථාවක් සළකමු. ඔහුට හෝ ඇයට එක් තැනකදී කිසියම් වචනයක් ගොත ගැසේ යැයි සතමු. මෙහිදී ඔහු/ඇය සිතන්නේ මෙම ගොත ගැසීම අසන්න්නට ‍හොදින් ඇසුණු නිසා ඔවුන් තමන් ට සිනාසෙන බවය. මෙසේ දිගින් දිගටම සිතීම නිසා ඔහුට/ඇයට කථාව තුළ තව තවත් ගොත ගැසීම් සහ දහදිය දැමීම සිදුවේ. තත්වය උග්‍ර වුවහොත් Panic attack තත්වය දක්වා යයි.

සමාජ භීතිකාවට වෙළද පොලේ ඖෂධ වර්ග කීපයක් සොයා ගත හැකිය. මේවා සමහරක් වල නම් මෙසේය: Zoloft, Prozac, Paxil, serotonin-norepinephrine reuptake inhibitors (SNRIs), monoamine oxidase inhibitors (MAOIs), beta-blockers, benzodiazepines, mirtazapine. Kava නැමැති පැලෑටියක් ද මෙම රෝගය සදහා ප්‍රතිකාරය ලෙස පාවිච්චි කළ හැකි බව කියවේ. එහෙත් මෙම ඖෂධ හුදෙක් තාවකාලික සහනයක් ලබා දෙනවා පමණි. රෝගය සුව කිරීම සදහා දිගු කාලීන ප්‍රතිකාර වලට යා යුතුය.

සමාජ භීතිකාව ගැන වැඩි විස්තර මීලග ලිපියෙන් දැනගමු...

5 comments:

  1. BEST LETTER...LIKE TO SER MORE....!

    ReplyDelete
  2. ප්‍රතිකාර නිවරදිව ගන්න ක්‍රමයක් ගැන කියල දෙන්න. කොහෙද මේ සඳහා හොඳම තැන?

    ReplyDelete
  3. ඔව් මේ සදහා ප්‍රතිකාර කරන.. හොදම වෙදයවරු කව්ද.

    ReplyDelete