Showing posts with label 10 ශ්‍රේණිය විද්‍යාව. Show all posts
Showing posts with label 10 ශ්‍රේණිය විද්‍යාව. Show all posts

Friday, July 13, 2012

හැදින්වීම

දැන් අ.පො.ස.සාමාන්‍ය පෙළ විද්‍යාව මීට අවුරුදු 6 කට විතර උඩදී තිබුන විද්‍යාව හා තාක්ෂනය තරම් සරල නෑ.සාමාන්‍ය පෙළ විද්‍යාව හදාරන ඔයගොල්ල මුලින්ම ඒක හිතට ගන්න ඕනා. දැන් අවුරුදු 2 3 ක ඉදල විද්‍යාව තම අමාරු කියනවා මට ඕන තරම් ඇහිලා තියනවා ඇයි ඒක උනේ දන්නවද විභාගෙට යන ඕගොල්ලන්ට ප්‍රශ්න වල ස්වභාවය ගැන හරි අවබෝදයක් නැති නිසා. රසායන විද්‍යාව ,භෞතික විද්‍යාව සංකල්ප හරියට ඔළුවේ නැති නිසා. මේවා කට පාඩම් කරලා කරන්න පුළුවන් විෂයන් නෙවේ සංකල්ප ගැන හොද අවබෝදයක් තියෙන්න ඕන ඒවා යොදාගන්න විදිය ගැන හොද හුරුවක් තියෙන්න ඕනා ඒක කරන්න නම් අමතර ප්‍රශ්න ගොඩක් කරන්න ඕන අමතර දැනුම එකතු කරන්න ඕන .අමතර දැනුම තමන් ගේ විෂය නිර්දේශයට අනුකුල අදාළ ඒවා වෙන්නත් ඕන. දැනුම කියල උසස්පෙළ මට්ටමින් විශ්ව විද්‍යාල මට්ටමින් දැනුම එකතු කරන හරි යන නෑ
මේකට අපේ සහෝදර සහෝදරියන්ට උදව් කරන්න හිතාගන මේ විද්‍යාව පාඩම් මාලා පටන් ගන්නේ. මේවා සේරම හදන්නේ අවුරුදු 20 විතර රජයේ පාසල් වල උගැන්නන ප්‍රශ්න පත්‍ර බලල පළපුරුදු ගුරු මහත්මියකගේ උදව්වෙන්.
මේ අඩවිය භාවිත කරන්න උපදෙස් දැන් මම කියන්නම් ඒවා හොදට තේරුම් අරන් ඒ විදියට වැඩ කලොත් ටික දවසකින් තමන්ටම දියුණුව දැනෙන්න ගනී

*මුලින්ම අපේ වෙබ් ලිපිනය මතක තිය ගන්න අමතක වෙනවනම් ලියා ගන්න නැත්තම් බූක් මාර්ක් කරගන්න
මෙම අඩවියට සතියකට ඒක වතාවක් වත් පිවිසෙන්න (පන්තියකට යනවා කියල හිතාගන සතියකට දවසක් පැය 2 ක් හෝ 3 ක් මේ වෙනුවෙන් වෙන් කලොත් වඩා හොදයි)

මොකද එතකොට අපි දාන පාඩම් ඒ ඒ සතිය ඇතුලත කියවල ඉවර කලහැකිනේ ගොඩ ගැහුණම එකක් වත් බලන්න හිතෙන නැනේ

ඊළගට අපේ පාඩම් මාලා කියවල අපි එකතු කරලා තියන ප්‍රශ්න වලට උත්තර ලියල අපේ අඩවියේ පිළිතුරු සදහන් පිටුවට ගිහින් හරි වැරදි බලගන වැරදි හදාගන්න වැරදුන කොටස් අපහු පාඩම් කරන්න

සාමාන්‍ය පෙළ ශිෂයෙක් නම් 11 වසර 10 වසර 2 ටම අදාල පාඩම් කරන්න වෙනවා

ඊට අමතරව ආදර්ශ ප්‍රශ්න පහු ගිය ප්‍රශ්න අපේ මග පෙන්වීම යටතේ පිලිවලට කරන්න එකට ගැලපෙන විදියට වෙලාව වෙන් කරගන්න රැට උනත් අපේ පන්තියට එන්න පුළුවන්නේ

හැබැයි ඕගොල්ල අන්තර්ජාලය භාවිත කරන්න ඕන ගොඩක් පරිසමෙන් පාඩම් කරන මුවාවෙන් වෙන දේවල් කලොත් දෙමව් පියන්ව රවට්ටලා දෙමව්පියෝ වත් මේ පාඩම් හදන මම වත් නෙවෙයි රැවටෙන්නේ තමන් කියලත් අමතක කරන්න නම් එපා. මොකද සාමාන්‍ය පෙලින් ගන්න ප්‍රතිපලය උසස් පෙලට බලපානවා උසස් පෙළ ඉතින් තමන්ගේ මුළු අනාගතේම තීරණය කරනවා.

ඔන්න කියන්න ඕන ටික පටන් ගන්න කලින්ම කිව්වා දැන් ඉතින් කියපු දේවල් කරලා තමන්ගේ ඉලක්කෙට යන්න.. මේවා බොහොම සරල සිංහලෙන්ම කිව්වේ හොදටම තේරෙන්න. මේ බ්ලොග් අඩවියටත් සතියකට තමන්ගේ වැඩ කිරීමේ වේගය අනුව යම් කාලයක් වෙන් කරන්න. මෙහි තියන පාඩම් කියවන්න ඒක දවසක පැය කීපයක් ප්‍රශ්න කරන්න වෙන දවසක පැය කීපයක් යොදා ගතහොත් වඩා හොදයි

Saturday, July 16, 2011

පදාර්ථයේ ව්‍යුහය හා ප්‍රමාණය

10 ශ්‍රේණිය විද්‍යාව 2 වන වාරයේ හැදෑරීමට ලැබෙන්නේ රසායන විද්‍යාව අදින් ආරම්භ වන මෙම පාඩම 10 ශ්‍රේණියේ පෙළ පොත හා ගුරු අත් පොත අදාරයෙන් සකසන ලද්දක්.

*පදාර්ථය
*
අවකාශය තුල ඉඩක් ලබා ගන්නා, ස්කන්ධයක් සහිත දේවල් වලට තමයි පදාර්ථ කියල කියන්නේ.
*පදාර්ථ වර්ග 2 ක් තියනවා.

1. මුලද්‍රව්‍ය - පදාර්ථය නිර්මාණය කරන මුලික ද්‍රව්‍ය.
2. සංයෝග - මුලද්‍රව්‍ය රසායනිකව සංයෝජනය වෙලා ඇතිවෙන්නේ සංයෝග.

අපි උදාහරණයක් ගමු Mg කියන්නේ මුලද්‍රව්‍යයක්. O කියන්නෙත් මුලද්‍රව්‍යයක්. ඒ දෙක එකතු වෙලා හැදෙන MgO සංයෝගයක්.

*මුලද්‍රව්‍ය කියන්නේ අපහු කොටස් වලට බෙදන්න බැරි සරල තනි ද්‍රව්‍යයක්

*මුලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ ඒ මුලද්‍රව්‍ය වල පරමාණු වලින්

*පරමාණුව කියල කියන්නේ
* පදාර්ථයේ මුලික තැනුම් ඒකකය
මෙම පාඩමෙන් පදාර්ථය තැනීමට දායක වන පරමාණු ගැන විස්තරාත්මකව අපි ඉගන ගන්නවා
එත් ඒ මොකටද ?

මෙම පරමාණු පිළිබද විවිද සොයාගැනීම් කරපු නිසා අද වෙනකොට පරමාණු වල ශක්තිය මිනිස් අවශ්‍යතා සපුරා ගන්න යොදාගන තියනවා.
පහත පින්තුරයෙන් දැක් වෙන්නේ න්‍යෂ්ටික බලාගාරයක රුපයක්. න්‍යෂ්ටික බලාගාරයක් වෙන්නේ පරමාණුක

ශක්තිය මිනිසාට ප්‍රයෝජනයට ගත හැකි ශක්තිය බවට පත් කිරීමයි. පරමාණුක ශක්තිය කියන්නේ පරමාණුවක් සතු ශක්තියට.

පරමාණුව තැනී ඇත්තේ උප පරමාණුක අංශු වර්ග තුනකිනි. ඒවා නම්
* ඉලෙක්ට්‍රොන
* ප්‍රෝටෝන
* නියුට්‍රෝන
ඉලෙක්ට්‍රෝනය
ඉහත සදහන් උප පරමාණුක අංශු අතරින් සැහැල්ලුම අංශුවයි.
එහි ස්කන්ධය 9.1095 x 10-31 kg පමණ වේ.
ඉලෙක්ට්‍රෝනය ඍන ආරෝපිත අංශුවකි.
ජේ. ජේ තොම්සන් හා මිලිකන් යන විද්වතුන් පරමාණුව සොයා ගැනීමට දායක විය.
ප්‍රෝටෝනය ඉලෙක්ට්‍රෝනය මෙන් 1840 ගුණයක් පමණ වේ.

ඉලෙක්ට්‍රෝනය -10 e ලෙස සංකේතවත් කරයි
ප්‍රෝටෝනය
ප්‍රෝටෝනය ක ස්කන්ධය ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය මෙන් 1840 ගුණයකි
ධන ආරෝපිතය


ප්‍රෝටෝනය
11Pලෙස සංකේතවත් කෙරෙයි
ප්‍රෝටෝනය ක ස්කන්ධය 1.675 x 10 -27 kg
අර්නස්ට් හා රදෆඩ් මේ පිළිබද පරීක්ෂණ සදහා දායක විය
නියුට්‍රෝනය
නියුට්‍රෝනයක ස්කන්ධය 1.675 x 10 -27 ක් වේ
ආරෝපනයක් නැත
නියුට්‍රොනයේ හා ප්‍රෝටෝන යේ ස්කන්දය ආසන්න වශයෙන් සමානය
නියුට්‍රෝන යේ සංකේතය
01n