Showing posts with label JAVA. Show all posts
Showing posts with label JAVA. Show all posts

Saturday, October 1, 2011

Java Netbeans - Lesson 5

ජාවා නෙට්බීන්ස් පස්වැනි පාඩම - Making decisions තීරණ ගැනීම - The 'if' statement part 1


පහත උදාහරණයේ දී 'if' statement එක භාවිත කර ඇත. එහිදී සිදුවන්නේ, number යන int වේරියබල් එකෙහි අගය 10ට සමාන වුනොත්, "number is 10" යන්න ප්‍රින්ට් වීමයි. number හි අගය 10 නොවේ නම් ප්‍රින්ට් වන්නේ "number is not 10" යන්නයි. මුළින්ම number තුළ 10 ගබඩා කොට if මගින් එහි අගය පරීක්ෂා කර ඇති අතර, ඉන්පසු number හි අගය වෙනස් කොට if මගින් එහි අගය පරීක්ෂා කොට ඇත.

===================================
int number = 10;

if (number == 10) {
System.out.println("number is 10");
}else {
System.out.println("number is not 10");
}

number = 15;

if (number == 10) {
System.out.println("number is 10");
}else {
System.out.println("number is not 10");
}

===================================

මුළින්ම ඇති if (number == 10) ලයින් එක මගින් සිදුවන්නේ number හි අගය 10 දැයි පිරික්සීමයි. මෙම පරීක්ෂාව සිදු කිරීමට == යන සළකුණ භාවිතා කොට ඇති බව බලන්න. මෙය අප "equal to" operator එක ලෙස හදුන්වමු. ඊට ඉහතින් ඇති int number = 10; assignment එකේදී භාවිතා කර ඇත්තේ '=' හෙවත් assignment operator එකයි. Assignment operator එක මගින් සිදුකරන්නේ කිසියම් වේරියබල් එකකට අගයක් ආදේශ කිරීමයි. එහෙත් == 'equal to' ඔපරේටර් එක මගින් සිදු කරන්නේ, කිසියම් වේරියබල් එකක අගය යම් කිසි අගයකට සමාන දැයි පිරික්සීමයි. ඒ අනුව ඉහත දී අප පිරික්සන්නේ number 10ට සමාන කියායි. සමාන නම්, ඊළගට විවෘත වන curly brace '{' එක සහ වැසෙන brace එක අතර ඇති කෝඩ්ස් ක්‍රියාත්මක වේ. ඉහත දී නම් බ්‍රේසස් යුගල තුළ ඇත්තේ System.out.println("number is 10"); ලයින් එකයි. එය ක්‍රියාත්මක වීමෙන් "number is 10" යන්න ප්‍රින්ට් වේ. number හි අගය 10 නොවුනා නම්, if ට පහළින් ඇති else තුළ ඇති කෝඩ්ස් ක්‍රියාත්මක වේ. වැඩසටහනෙහි මීළග කොටසින් සිදුවන්නේ එයයි.

මීළගට number හි අගය 15 කර ඇති බව ඔබට පෙනේ. දැන් නැවතත් if මගින් පරීක්ෂාව සිදු කොට ඇති අතර, දැන් number හි අගය 10 නොවන නිසා if හි බ්‍රේසස් තුළ ඇති ලයින් එක ක්‍රියාත්මක නොවේ. ක්‍රියාකාරී වන්නේ else තුළ ඇති System.out.println("number is not 10"); ලයින් එකයි. එය ක්‍රියාත්මක වීමෙන් "number is not 10" යන්න ප්‍රින්ට් වේ.

මේ ආකාරයෙන් if - else භාවිතා කොට, වේරියබල්ස් වල අගයන් පිරික්සා ඒ අගයන්ට අදාලව ක්‍රියාවන් සිදු කළ හැකිය. මීලග පාඩමේදී තවත් උදාහරණයක් බලමු..

Monday, September 5, 2011

ජාවා නෙට්බීන්ස් හතරවැනි පාඩම - Variables සහ Data types

මෙම පාඩමට අදාල වීඩියෝ එක බැලීමට, VIDEO LESSON ලින්ක් එක රියිට් ක්ලික් කර "copy link location" හෝ "copy link address" සිලෙක්ට් කරන්න: VIDEO LESSON (2MB). ඉන්පසු ඔබේ වෙබ් බ්‍රවුසර් එකෙහි අළුත් හිස් ටැබ් එකක් ඕපන් කර, එහි Address bar එක තුළ රයිට්-ක්ලික් කර ඇඩ්‍රස් එක Paste කර Enter කරන්න. වීඩියෝ පාඩම එම ටැබ් එක තුළ Play වේවි.


වීඩියෝ එකෙහි පෙනෙන්නේ වේරියබල්ස් සාදන ආකාරයයි. මුළින්ම byte වේරියබල් එකක් සාදා එයට 100 අගය ආදේශ කරන ආකාරය පෙන්වා දෙයි. වේරියල් එකක් සාදන විට වීඩියෝ එකෙහි පෙනෙන ලෙස මුළින්ම එහි ඩේටා ටයිප් එක ටයිප් කළ යුතුය:

byte

මෙසේ කරන්නේ එම වේරියබල් එක සදහා පරිගණක මතකයෙහි නිවැරදි ඉඩ වෙන් කිරීමටයි. byte වේරියබල් එකක් සදහා නම් මෙම ඉඩ ප්‍රමාණය bits 8 කි. මෙසේ short, int, float, double ලෙස ඉහළට යන විටදී මෙම ඉඩ ප්‍රමාණය වැඩිවේ. මන්දයත් එසේ ඉහළට යන විට එම දත්ත වර්ග වල ගබඩා කළ හැකි දත්ත පරාසය විශාල වන හෙයිණි.

දත්ත වර්ගය ටයිප් කළ පසු ඊළගට වේරියබල් එක සදහා නමක් ටයිප් කළ යුතුය. මෙය variable declaration ලෙස හැදින්වේ. මෙහිදී අප යොදා ඇත්තේ bytevar යන නමයි:

byte bytevar

මීලගට මෙම වේරියබල් එකට අගයක් ආදේශ කළ යුතුය. මෙය variable initialization ලෙස හැදින්වේ. එය කරන්නේ වේරියබල් නම ඉදිරියේ = සළකුණ සහ ආදේශ කළ යුතු අගය ටයිප් කිරීමෙනි. එසේ කර අවසානයේදී සෙමිකෝලන් එකක් ; යෙදිය යුතුය:

byte bytevar = 100;

ඉහත වැනි ජාවා ලයින් එකක් ජාවා statement එකක් ලෙස හැදින්වේ. සෑම ජාවා ස්ටේට්මන්ට් එකක්ම ඉහත ලෙස සෙමිකෝලන් එකකින් අවසාන කළ යුතුය.

දැන් bytevar වේරියබල් එක තුළ 100 අගය ගබඩා වී ඇත. මෙම අගය වැඩසටහන මගින් අවුට්පුට් කිරීමට නම් System.out.println() ෆන්ක්ෂන් එක භාවිතා කළ යුතුය (ෆන්ක්ෂන් යනු මොනවාදැයි පසුව බලමු):

System.out.println(bytevar);

වීඩියෝ එකේ දැක්වෙන පරිදි මෙසේ සෑම දත්ත වර්ගයක් සදහාම වේරියබල් සාදා, ඒවාට අගයන් ආදේශ කොට, එම අගයන් අවුට්පුට් කළ හැකිය. long වැනි විශාල දත්ත වර්ග සදහා විශාල අගයන් ලබා දී ඇත. float සහ double සදහා අගයන් ලබා දීමේදී අගය අවසානයේදී පිලිවෙලින් f සහ d යොදා ඇති බව බලන්න:

floaf floatvar = 100000.99f ;
double doublevar = 100000000000.99d;

boolean වේරියබල් සදහා ture සහ false අගයන් ලබා දී ඒවා අවුට්පුට් කර ඇත.

char සදහා quotes තුළ 'A' '?' ආදී වශයෙන් කැරැක්ටර්ස් ආදේශ කොට ඇත.

To be continued...

Friday, June 17, 2011

Computer Programming වලට මුල පුරමු


Computer Programming වලට මුල පුරමු

මෙම ලිපි පෙල අදින් ඇර‍‍බෙන අතර ක්‍රමාණුකූල අධ්‍යනයෙන් Computer Programming මුල සිට සරලව නොමිලේ ඉගන ගැනීමේ වටිනා අවස්ථාවක් ඔබට හිමි වේ. පළමුව මේ හරහා දැනුම ලබා දීමට බලාපොරොත්තු වන්නේ Java Programming Language පිලිබදවයි

Programming කියන්නේ මොකද්ද?

Programming කියන්නේ මොකද්ද කියල අපි ඉස්සෙල්ලම බලමු.

(c)LankaEzine2011

Programming Language කියන්නේ කෘතීමව නිපදවපු භාෂාවක් මේ භාෂාවෙන් අපි සන්නිවේදනය කරන්නේ පරිගණකය සමග. පරිගණකයේ හැසිරීම පාලනය සදහා තමය් මේ පරිගණක භාෂාවන් යොදා ගන්නේ.
මේ පරිගණක භාෂාව යොදාගන ලියන ප්‍රකාශන Source Code කියල හදුන්වනවා. දැන් එතකොට මොකද්ද programming කියන්නේ පරිගණක භාෂාව යොදාගන ප්‍රකාශන ලිවීම, පරීක්ෂා කිරීම, සහ Source Code එක නඩත්තු කිරීම Computer programming ලෙස හදුන්වනවා. නමුත් මේ Source code එක කෙලින්ම තේරුම්ගැනීමේ හැකියාවක් පරිගණකයට නැහැ ඒ නිසා අපට සිදුවෙනවා පරිගණකයට තේරුම් ගත හැකි 2 පාදයේ සන්කයා වලින් මේ තොරතුරු පරිගණකයට ලබා දෙන්න (Binary Representation ) .මේ සදහා අප ලියන ලද Source code එක Binary වලට පරිවර්තනය (convert ) කරනවා. පරිගණකයට තේරුම්ගත හැකි Binary Representation එක computer executable form ලෙස හදුන්වනවා. මේකෙදි මුළු program එකම convert කරන්න ( executable file ) හෝ executed on the fly හෙවත් කොටස් වශයෙන් convert කල හැකිය. අපි සාමාන්‍යයෙන් computer Program ලෙස හදුන්වන්නේ programming language එකෙන් ලියන ලද Source code එකය්.

කලින් කිව්වා වගේ computer එකට Source code එක කෙලින්ම තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. Machine language හෝ Machine code ලෙස හදුන්වන පරිගණකයටම අවේනික භාෂාවක් තමි පරිගණකයට තේරුම් ගන්න පුළුවන්.
මෙහිදී එක එක පරිගණකයට අනුවත් මේක වෙනස් වෙනවා. Intel Pentium පරිගණකයේ ඇති MS windows වෙනත් පරිගණකයකට තේරුම් ගත නොහැක.
එසේ නම් source code එක පළමුව Machine code ලෙස convert කිරීමෙන් පසුව පමණක් පරිගණකයේ හැසිරීම පාලනයට යොදා ගත හැක
මෙම Convert කිරීම සදහා
-Compiler
- Interpreter
භාවිතා වේ

Compiler

Compiler යනු Program friendly ලෙස ලියා ඇති source Code එක machine friendly codes එනම් පරිගණකයට තේරුම් ගත හැකි විධාන බවට හරවා දෙන වැඩසටහනකි
සම්පුර්ණ Source code එකම එසේ හැරවීමෙන් පසු පමණක් වැඩසටහන පරිගණකයේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇතිවේ. මුළු source code එකම එකවර Machine code බවට හරවනු ලබය්

එකිනෙකට වෙනස් පරිගණක වල machine codes එකිනෙකට වෙනස්ය එබැවින් එක පරිගණකයකින් machine code බවට හරවන ලද machine code එක තව පරිගනකයක ක්‍රියාත්මක නොවීමටද ඉඩ ඇත

Interpreter

Interpreter මගින් සම්පුර්ණ Source code එක එක වරම පරිවර්තනය කරනු නොලබයි එක කොටසක් පරිවර්තනය කර එහි output එක ලබාදී ඉතිරි කොටස පරිවර්තනය interpreter මගින් සිදුවන බැවින් මෙය compiler වලින් වෙනස් වේ

· Specify the Problem

· Analyze and break down into a series of steps towards solution

· Write the code

· Compile, test and run the program

Specify the problem

පළමුව පරිගණක වැඩසටහනේ output එක ගැන අදහසක් ලබාගත යුතු අතර එම output ලබා දීමට පරිගණක වැඩසටහනට ඇතුල් (input ) කල යුතු දත්ත පිළිබද අදහසක් ලබා ගැනීම මෙම පළමු පියවරේදී සිදුවෙයි

Analyze and break down into a series of steps towards solution

සම්පුර්ණ වැඩසටහනේ ක්‍රියාවලිය (take the overall problem ) පිළිබද දල අවබෝදයක් ලබා ගත පසු එය නැවත කුඩා කොටස් වලට වෙන් කර ගැනීම හෙවත් උප ක්‍රියාවලින් හදුනා ගැනීම මෙහිදී සිදුවේ (break it down to sub problems )

Write the code

පළමුව හදුනා ගත් ක්‍රියාවලියට අනුව තාර්කිකව Source code එක ලිවීම මීලගට කල යුතුයි මෙහිදී Programming Language එකක් යොදා ගනී

Compile, test and run the program

පරිගණක වැඩසටහන් සැලසුම් කරන අතර හා කෝඩ් එක ලියන අතරතුර පරීක්ෂා කිරීම සිදුකරයි
විශාල පරිගණක වැඩසටහන් සදහා මෙම පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ. මීලගට වැඩසටහන ක්‍රියාත්මක කල හැක

Thursday, June 16, 2011

Java Netbeans - Lesson 1



  • File > New Project සිලෙක්ට් කරන්න.
  • විවෘත වන වින්ඩෝවෙහි Java Application සිලෙක්ට් කොට next කරන්න.
  • Project name සදහා නමක් ලබා දී Finish බට්න් ඒක ක්ලික් කරන්න.
  • වීඩියෝවේ දැක්වෙන ලෙස, main ෆන්ක්ෂන් එක තුළ පහත කෝඩ් එක ටයිප් කරන්න.
  • System.out.println("I Love Java 7");
  • ඉහත කෝඩ් එක මගින් කෙරෙන්නේ, වැඩසටහන ක්‍රියාත්මක කළ විට, "I Love Java 7" යන්න output වින්ඩෝව තුළ දිස්කරවීමයි.
  • වැඩසටහන ක්‍රියාත්මක කිරීමට Run බට්න් එක ක්ලික් කරන්න.
  • පහලින් ඇති output වින්ඩෝව තුළ "I Love Java 7" යන්න දිස්වනු ඇත.

Wednesday, June 15, 2011

ජාවා නෙට්බීන්ස් දෙවැනි පාඩම - Variables සහ Data types

6/15/පරිගණක වැඩසටහන් වලදී දත්ත තාවකාලිකව ගබඩා කිරීමට සිදුවේ. උදාහරණයක් ලෙස කැල්කියුලේටර් මෘදුකාංගයකදී, මෘදුකාංගය ඔබ ලබා දෙන අගයන් සහ විධානයන් තාවකාලිකව ගබඩා කොට අවශ්‍ය ගණිතමය ක්‍රියාව සිදු කරයි. මෙසේ දත්ත තාවකාලිකව ගබඩා කිරීමේදී යොදා ගැනෙන්නේ Variables ය. Variables ඒවායේ ගබඩා කළ හැකි දත්ත වර්ගය හෙවත් data type එක අනුව, පහත දැක්වෙන ලෙස වර්ග කීපයකට බෙදේ:

ඉහත දැක්වෙන ලෙස ජාවා තුළ ඇති දත්ත මූලික වර්ග දෙකකට බෙදේ: Primitive (ප්‍රාථමික) data types සහ Reference data types. මුළින්ම ප්‍රාථමික දත්ත වර්ගයන් ගැන සළකා බලමු. ඒවා ප්‍රාථමික යැයි හදුන්වන්නේ ජාවා තුළ ඇති මූලික දත්ත වර්ග ඒවා වන නිසාය. Reference දත්ත වර්ගයන් තුළ ප්‍රාථමික දත්ත වර්ගයන් අන්තරගත වේ යැයි කිව හැකිය.

ප්‍රාථමික දත්ත වර්ගයන් ඉහත දැක්වෙන ලෙස කොටස් දෙකකට බෙදේ: Integer, Floating point. Integer මගින් පූර්ණ සංඛ්‍යා දැක්වෙන අතර, Floating point මගින් දශම සංඛ්‍යා දැක්වෙන බව කිව හැකිය. Floating point යන්නෙහි තේරැම, සංඛ්‍යාවෙහි point එක හෙවත් දශම තිත float හෙවත් පාවෙන බවයි. එනම් floating point දත්තයක දශම තිත දත්තයෙහි ඕනෑම තැනකට ගෙන යා හැකිය.

පහත දැක්වෙන්නේ Integer වර්ගයට අදාල දත්ත වර්ගයන් සහ ඒවා සම්බන්ධ විස්තරයි:

byte
Byte යනු ජාවා තුළ ඇති කුඩාම දත්ත වර්ගයයි. මෙහි ගබඩා කළ හැකි දත්ත පරාසය -128 සිට127 දක්වා වෙයි. එනම්, කුඩා අගයන් ගබඩා කිරීමට byte භාවිතා කළ යුතුය. එසේ නැතිනම් පරිගණක මතකය අනවශ්‍ය ලෙස නාස්ති වෙයි. කුඩා අගයකට උදාහරණයක්: පැයක් තුළ දී ඔබ කියවන පොතක පිටු ගණන. ඔබට පැයකට පිටු 127කට වඩා කියවිය නොහැකි යැයි සිතමි. නමුත් byte තුළ ඍණ සංඛ්‍යා ද ගබඩා කළ හැකි බව මතක තබා ගන්න.

short
short යනු byte වලට වඩා වැඩි දත්ත පරාසයක් ගබඩා කළ හැකි දත්ත වර්ගයකි. එහි පරාසය -32,768 to 32,767. මේවායෙහි byte වලට වඩා විශාල අගයන් ගබඩා කළ හැකිය. උදා: 2GB pen drive එකක මිල.

int
int තුළ අති විශාල අගයන් ගබඩා කළ හැකිය. එහි පරාසය: -2,147,483,648 to 2,147,483,647.
උදා: පොලොවෙහි සිට හදට ඇති කිලෝමීටර් ගණන.

long
long තුළ int ටද වඩා අති විශාල අගයන් ගබඩා කළ හැකිය. පරාසය: -9,223,372,036,854,775,808 to 9,223,372,036,854,775,807.

මීළග පාඩමේදී Float ගැන සහ, පරිගණක වාඩසටහනක් තුළ වේරියබල් සාදන සැටි ගැන වීඩියෝ පාඩම් බලමු.

Tuesday, June 14, 2011

ජාවා නෙට්බීන්ස් තෙවැනි පාඩම - Variables සහ Data types

පසුගිය පාඩමේදී අතපසු වූ තවත් දත්ත වර්ග දෙකක් ගැන සළකා බලමු.

char
char මගින් නිරෑපනය කෙරෙන්නේ තනි අකුරක් හෙවත් character එකකි.
උදා:- 'c' '2' '?'
ඉහත දැක්වෙන්නේ characters තුනකි. ඉහත ලෙස, හැමවිටම කැරැක්ටර් එකක් ‍single quotes තුළ යෙදිය යුතුය. 2 ඉලක්කමද මෙහිදී integer එකක් ලෙස නොව කැරැක්ටර් එකක් ලෙස ගෙන ඇති බව ඔබට පෙනේ. එසේ වන්නේ එයද quotes වලින් ආරවණය කොට ඇති නිසාය. එසේ කල විට ඒ සමග ගණිතමය ක්‍රියා කිරීමට ඔබට නොහැකිය.

boolean
bool මගින් නියෝජනය වන්නේ යම් කිසි දෙයක සත්‍ය හෝ අසත්‍ය භාවයයි. එනම් බූලියන් වේරියබල් එකක් තුළ ගබඩා කළ හැක්කේ අගයන් දෙකක් පමණයි - සත්‍ය true අවස්ථාව හෙවත් 1 අගය, සහ අසත්‍ය false අවස්ථාව හෙවත් 0 අගය.

------------------------------------------------------------------------------------

පසුගිය පාඩමේදී කිවූ ලෙසම Floating point දත්ත වර්ගය මගින් නියෝජනය කෙරෙන්නේ දශමය සංඛ්‍යා ය. Floating point දත්ත වර්ගය float සහ double යනුවෙන් වර්ග දෙකකට බෙදේ.

float
float දත්ත වර්ගෙයහි දත්ත පරාසය: 1.40129846432481707e-45 to 3.40282346638528860e+38 (positive or negative).

double
double float ට වඩා විශාල දත්ත වර්ගයකි. එහි පරාසය: 4.94065645841246544e-324d to 1.79769313486231570e+308d (positive or negative).

මීළග පාඩමේදී ඉහත දැක්වූ ඩේටා ටයිප්ස් වලට අදාල වේරියබල්ස් සාදන්නේ කෙසේ දැයි නෙට්බීන්ස් මගින් බලමු (වීඩියෝ මගින්).