ජාවා නෙට්බීන්ස් පස්වැනි පාඩම - Making decisions තීරණ ගැනීම - The 'if' statement part 1
පහත උදාහරණයේ දී 'if' statement එක භාවිත කර ඇත. එහිදී සිදුවන්නේ, number යන int වේරියබල් එකෙහි අගය 10ට සමාන වුනොත්, "number is 10" යන්න ප්‍රින්ට් වීමයි. number හි අගය 10 නොවේ නම් ප්‍රින්ට් වන්නේ "number is not 10" යන්නයි. මුළින්ම number තුළ 10 ගබඩා කොට if මගින් එහි අගය පරීක්ෂා කර ඇති අතර, ඉන්පසු number හි අගය වෙනස් කොට if මගින් එහි අගය පරීක්ෂා කොට ඇත.
===================================
int number = 10;
if (number == 10) {
System.out.println("number is 10");
}else {
System.out.println("number is not 10");
}
number = 15;
if (number == 10) {
System.out.println("number is 10");
}else {
System.out.println("number is not 10");
}
===================================
මුළින්ම ඇති if (number == 10) ලයින් එක මගින් සිදුවන්නේ number හි අගය 10 දැයි පිරික්සීමයි. මෙම පරීක්ෂාව සිදු කිරීමට == යන සළකුණ භාවිතා කොට ඇති බව බලන්න. මෙය අප "equal to" operator එක ලෙස හදුන්වමු. ඊට ඉහතින් ඇති int number = 10; assignment එකේදී භාවිතා කර ඇත්තේ '=' හෙවත් assignment operator එකයි. Assignment operator එක මගින් සිදුකරන්නේ කිසියම් වේරියබල් එකකට අගයක් ආදේශ කිරීමයි. එහෙත් == 'equal to' ඔපරේටර් එක මගින් සිදු කරන්නේ, කිසියම් වේරියබල් එකක අගය යම් කිසි අගයකට සමාන දැයි පිරික්සීමයි. ඒ අනුව ඉහත දී අප පිරික්සන්නේ number 10ට සමාන කියායි. සමාන නම්, ඊළගට විවෘත වන curly brace '{' එක සහ වැසෙන brace එක අතර ඇති කෝඩ්ස් ක්‍රියාත්මක වේ. ඉහත දී නම් බ්‍රේසස් යුගල තුළ ඇත්තේ System.out.println("number is 10"); ලයින් එකයි. එය ක්‍රියාත්මක වීමෙන් "number is 10" යන්න ප්‍රින්ට් වේ. number හි අගය 10 නොවුනා නම්, if ට පහළින් ඇති else තුළ ඇති කෝඩ්ස් ක්‍රියාත්මක වේ. වැඩසටහනෙහි මීළග කොටසින් සිදුවන්නේ එයයි.
මීළගට number හි අගය 15 කර ඇති බව ඔබට පෙනේ. දැන් නැවතත් if මගින් පරීක්ෂාව සිදු කොට ඇති අතර, දැන් number හි අගය 10 නොවන නිසා if හි බ්‍රේසස් තුළ ඇති ලයින් එක ක්‍රියාත්මක නොවේ. ක්‍රියාකාරී වන්නේ else තුළ ඇති System.out.println("number is not 10"); ලයින් එකයි. එය ක්‍රියාත්මක වීමෙන් "number is not 10" යන්න ප්‍රින්ට් වේ.
මේ ආකාරයෙන් if - else භාවිතා කොට, වේරියබල්ස් වල අගයන් පිරික්සා ඒ අගයන්ට අදාලව ක්‍රියාවන් සිදු කළ හැකිය. මීලග පාඩමේදී තවත් උදාහරණයක් බලමු..
No comments:
Post a Comment