Wednesday, June 15, 2011

ජාවා නෙට්බීන්ස් දෙවැනි පාඩම - Variables සහ Data types

6/15/පරිගණක වැඩසටහන් වලදී දත්ත තාවකාලිකව ගබඩා කිරීමට සිදුවේ. උදාහරණයක් ලෙස කැල්කියුලේටර් මෘදුකාංගයකදී, මෘදුකාංගය ඔබ ලබා දෙන අගයන් සහ විධානයන් තාවකාලිකව ගබඩා කොට අවශ්‍ය ගණිතමය ක්‍රියාව සිදු කරයි. මෙසේ දත්ත තාවකාලිකව ගබඩා කිරීමේදී යොදා ගැනෙන්නේ Variables ය. Variables ඒවායේ ගබඩා කළ හැකි දත්ත වර්ගය හෙවත් data type එක අනුව, පහත දැක්වෙන ලෙස වර්ග කීපයකට බෙදේ:

ඉහත දැක්වෙන ලෙස ජාවා තුළ ඇති දත්ත මූලික වර්ග දෙකකට බෙදේ: Primitive (ප්‍රාථමික) data types සහ Reference data types. මුළින්ම ප්‍රාථමික දත්ත වර්ගයන් ගැන සළකා බලමු. ඒවා ප්‍රාථමික යැයි හදුන්වන්නේ ජාවා තුළ ඇති මූලික දත්ත වර්ග ඒවා වන නිසාය. Reference දත්ත වර්ගයන් තුළ ප්‍රාථමික දත්ත වර්ගයන් අන්තරගත වේ යැයි කිව හැකිය.

ප්‍රාථමික දත්ත වර්ගයන් ඉහත දැක්වෙන ලෙස කොටස් දෙකකට බෙදේ: Integer, Floating point. Integer මගින් පූර්ණ සංඛ්‍යා දැක්වෙන අතර, Floating point මගින් දශම සංඛ්‍යා දැක්වෙන බව කිව හැකිය. Floating point යන්නෙහි තේරැම, සංඛ්‍යාවෙහි point එක හෙවත් දශම තිත float හෙවත් පාවෙන බවයි. එනම් floating point දත්තයක දශම තිත දත්තයෙහි ඕනෑම තැනකට ගෙන යා හැකිය.

පහත දැක්වෙන්නේ Integer වර්ගයට අදාල දත්ත වර්ගයන් සහ ඒවා සම්බන්ධ විස්තරයි:

byte
Byte යනු ජාවා තුළ ඇති කුඩාම දත්ත වර්ගයයි. මෙහි ගබඩා කළ හැකි දත්ත පරාසය -128 සිට127 දක්වා වෙයි. එනම්, කුඩා අගයන් ගබඩා කිරීමට byte භාවිතා කළ යුතුය. එසේ නැතිනම් පරිගණක මතකය අනවශ්‍ය ලෙස නාස්ති වෙයි. කුඩා අගයකට උදාහරණයක්: පැයක් තුළ දී ඔබ කියවන පොතක පිටු ගණන. ඔබට පැයකට පිටු 127කට වඩා කියවිය නොහැකි යැයි සිතමි. නමුත් byte තුළ ඍණ සංඛ්‍යා ද ගබඩා කළ හැකි බව මතක තබා ගන්න.

short
short යනු byte වලට වඩා වැඩි දත්ත පරාසයක් ගබඩා කළ හැකි දත්ත වර්ගයකි. එහි පරාසය -32,768 to 32,767. මේවායෙහි byte වලට වඩා විශාල අගයන් ගබඩා කළ හැකිය. උදා: 2GB pen drive එකක මිල.

int
int තුළ අති විශාල අගයන් ගබඩා කළ හැකිය. එහි පරාසය: -2,147,483,648 to 2,147,483,647.
උදා: පොලොවෙහි සිට හදට ඇති කිලෝමීටර් ගණන.

long
long තුළ int ටද වඩා අති විශාල අගයන් ගබඩා කළ හැකිය. පරාසය: -9,223,372,036,854,775,808 to 9,223,372,036,854,775,807.

මීළග පාඩමේදී Float ගැන සහ, පරිගණක වාඩසටහනක් තුළ වේරියබල් සාදන සැටි ගැන වීඩියෝ පාඩම් බලමු.

No comments:

Post a Comment