Wednesday, June 15, 2011

Autodesk Maya Crash course 1 - Maya Temple. මායා වලින් දේවස්ථානයක් හදමු part 1

(අපගේ වීඩියෝ පාඩම් වල‍ට අදාල ලිඛිත විස්තර එම වීඩියෝ වලට පහතින් දැක්වේ. වීඩියෝ පැහැදිලිව නැරඹීම සදහා 480p හෝ 720p රෙසලූෂන් අගයන් පාවිච්චි කරන්න)



  • මුලින්ම අප මායා යොදාගෙන සෑදීමට යන්නේ ආරැක්කු වහලකින් සහ කණු වලින් යුතු දේවස්ථානයකි.
  • අළුත් මායා සීන් එකක් සෑදීම සදහා New > Scene සිලෙක්ට් කරන්න.
  • දේවස්ථානයේ පාදම සෑදීම පිණිස Create > Polygon primitives > Cylinder ඉදිරියේ ඇති කොටුව ක්ලික් කරන්න. එවිට සිලින්ඩර් ඔප්ෂන් බොක්සය විවෘත වේ. දේවස්ථානයේ පාදම සෑදීමට යන්නේ සරල සිලින්ඩරයක් භාවිත කිරීමෙනි.
  • බොක්සයේ අගයන් රිසෙට් කිරීම සදහා බොක්සයේ Edit > Reset සිලෙක්ට් කරන්න.
  • දැන් පහත දැක්වෙන ලෙස බොක්සයේ අගයන් සකසන්න:
  • Radius: 10 (සිලින්ඩරයේ අරය)
  • Height: 1 (උස)
  • Subdivisions around axis: 8 (මධ්‍ය ලක්ෂය වටා සිලින්ඩරය කැඩිය යුතු කොටස් ගණන)
  • Axis: Y (සිලින්ඩරය පැවතිය යුතු අක්ෂය)
  • Create බටින් එක ක්ලික් කරන්න. එවිට මුහුණත් අටකින් යුතු ශඩාෂ්‍රයක් හෙවත් පාදම සෑදේ.
  • Shading > Smooth shade all සිලෙක්ට් කිරීම මගින් මෙම පාදමෙහි නියම ස්වභාවය බැලිය හැකිය.
  • Space bar එක එබීමෙන් 4 panel view වෙත යන්න. 4 panel view මගින් මායා තුල සාදා ඇති වස්තු දෙස කෝණ හතරකින් එකවර බැලිය හැක (උඩින්, පහලින්, සහ පැති වලින්).
  • පාදම පැත්තෙන් පෙනෙන පැනල් එකක් මත ක්ලික් කර (යටින් ඇති පැනල් දෙකෙන් එකක්) space bar ඔබන්න. එවිට Side view එක තිරය පුරා පැමිණේ.
  • වම් අයිනෙහි ඇති ටූල් බොක්සයෙන් Move ටූල් එක සිලෙක්ට් කර (වීඩියෝවේ මෙය දැක්වේ), පාදම මත ක්ලික් කරන්න.
  • එවිට පාදම මැද කහ කොටුවක්ද, උඩු අතට කොල පාහැති ඉරක් සහ වම් අතට නිල් පැහැති ඉරක්ද ඇතිවේ.
  • කොල පැහැති ඉරෙන් අල්ලා ඇදීමෙන් පාදම Y අක්ෂය දිගේ උඩ පහලට චලනය කළ හැකිය.
  • පාදමෙහි පහත අන්තය තද කළු පැහැයෙන් පෙනෙන ඉර උඩට එන සේ එසේ චලනය කරන්න.
  • To Be Continued...

No comments:

Post a Comment