Friday, June 17, 2011

දුර ඈත චක්රාරවාටයකින් මතු වූ අබිරහස් දිලිසීම කුමක්ද?

(C) LankaEzine 2011

දුර ඈත චක්රාරවාටයකින් මතු වූ අබිරහස් දිලිසීම කුමක්ද?

මුල් වරට මෙම අබිරහස් දිලිසීම හදුනා ගනු ලැබුවේ නාසා ආයතනය විසින් අභ්‍යවකාශ ගත කරනු ලබූ Swift චන්ද්‍රිකාව මගින් වන අතර පසුව පොළොවේ ඇති දුරේක්ෂ සහ අභ්‍යවකාශ දුරේක්ෂ මගින් එවන් දිලිසුමක් පවතින බව හදුනාගනු ලබූ අතර මෙම අබිරහස් දිලිසුමකවරක්ද යන්න පරීක්ෂකයන්ට විශාල ගැටළුවක් බවට පත් වුනා. පළමුව ඔවුන් මෙම දිලිසුම තාරකාවක් විනාශ වීමේදී ඇති වූ දිලිසුමක් බව තීරණය කරනු ලැබුවත් එවන් අවස්ථාවකදී ඇතිවන දිලිසුමක් සාමාන්‍යයෙන් පැය කීපයකට වඩා නොපවතින බැවින් මෙම දිලිසුම කුමක්ද යන්න පිලිබදව දිගින් දිගටම පරීක්ෂණ සිදුකරනු ලැබුවා. තාරකාවක් විනාශ වීමේදී ඇතිවන දීප්තිය ක්‍රමයෙන් දුර්වල වී මැකී යා යුතු වුවත්, මෙම දිලිසුම බොහෝ කාලයක් වඩාත් දීප්තිමත් වෙමින් දිගින් දිගටම පැවතීම නිසා පළමු මතය ඉවත දැමීමට පරීක්ෂකයන්ට සිදු වුනා.

එසේ නම් කුමක්ද මේ අබිරහස් දීප්තිය එය ඇතිවුයේ අවාසනාවන්ත තාරකාවක් අනපේක්ෂිත ලෙස හදිසියේ සිය ජිවිතයට සමු දීමේදී නිකුත් කරන ලද සිය අවසන් කිරණ කදම්බයකිනි. හදිසියේ ක්‍රියාත්මක වූ විශාල කළු කුහරයක් මගින් සුර්යයා තරම් ප්‍රමාණයෙන් යුක්ත වූ මෙම තාරකාව ගිලගනු ලැබිණි. ඈත අවකාශයේ පවතින කලුකුහර නම් අධික ගුරුත්වයකින් යුත් වස්තුන් සිය ගුරුත්වයේ ආකර්ෂණ බලය පතුරවගත හැකි සීමාවේ ඇති සියලුම දේ ක්ෂනිකයකින් ගිල දමයි .මෙවර ඒ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ ඉහත කී තාරකාවයි එම අබිරහස් දිලිසුම පැමිණියේ තාරකාව කළු කුහරය විසින් ගිල ගැනීමේදීය කළු කුහර මෙසේ විශාලව ඇති වන්නේ කෙසේද යන්න අදටත් පරීක්ෂකයන් හමුවේ ඇති ගැටලුවකි. කළු කුහර පිළිබද අද්‍යනයට ප්‍රදනතම ගැටලුව වන්නේ ඒවා දර්ශනය නොවීමය. තම වෙතට පැමිණෙන ආලෝකය පවා මෙම කළු කුහර විසින් ආකර්ෂණය කිරීම ඊට හේතුවයි. මෙවැනි සිදුවීමක් අප අයත්වන ක්ශීරපතයේ වුවත් සිදුවීමට ඉඩ කඩ ඇති නමුත් එය සිදුවීමට ඇති ප්‍රවනතාව අල්පය.


No comments:

Post a Comment