Tuesday, June 14, 2011

ජාවා නෙට්බීන්ස් තෙවැනි පාඩම - Variables සහ Data types

පසුගිය පාඩමේදී අතපසු වූ තවත් දත්ත වර්ග දෙකක් ගැන සළකා බලමු.

char
char මගින් නිරෑපනය කෙරෙන්නේ තනි අකුරක් හෙවත් character එකකි.
උදා:- 'c' '2' '?'
ඉහත දැක්වෙන්නේ characters තුනකි. ඉහත ලෙස, හැමවිටම කැරැක්ටර් එකක් ‍single quotes තුළ යෙදිය යුතුය. 2 ඉලක්කමද මෙහිදී integer එකක් ලෙස නොව කැරැක්ටර් එකක් ලෙස ගෙන ඇති බව ඔබට පෙනේ. එසේ වන්නේ එයද quotes වලින් ආරවණය කොට ඇති නිසාය. එසේ කල විට ඒ සමග ගණිතමය ක්‍රියා කිරීමට ඔබට නොහැකිය.

boolean
bool මගින් නියෝජනය වන්නේ යම් කිසි දෙයක සත්‍ය හෝ අසත්‍ය භාවයයි. එනම් බූලියන් වේරියබල් එකක් තුළ ගබඩා කළ හැක්කේ අගයන් දෙකක් පමණයි - සත්‍ය true අවස්ථාව හෙවත් 1 අගය, සහ අසත්‍ය false අවස්ථාව හෙවත් 0 අගය.

------------------------------------------------------------------------------------

පසුගිය පාඩමේදී කිවූ ලෙසම Floating point දත්ත වර්ගය මගින් නියෝජනය කෙරෙන්නේ දශමය සංඛ්‍යා ය. Floating point දත්ත වර්ගය float සහ double යනුවෙන් වර්ග දෙකකට බෙදේ.

float
float දත්ත වර්ගෙයහි දත්ත පරාසය: 1.40129846432481707e-45 to 3.40282346638528860e+38 (positive or negative).

double
double float ට වඩා විශාල දත්ත වර්ගයකි. එහි පරාසය: 4.94065645841246544e-324d to 1.79769313486231570e+308d (positive or negative).

මීළග පාඩමේදී ඉහත දැක්වූ ඩේටා ටයිප්ස් වලට අදාල වේරියබල්ස් සාදන්නේ කෙසේ දැයි නෙට්බීන්ස් මගින් බලමු (වීඩියෝ මගින්).

No comments:

Post a Comment