Friday, June 17, 2011

Computer Programming වලට මුල පුරමු


Computer Programming වලට මුල පුරමු

මෙම ලිපි පෙල අදින් ඇර‍‍බෙන අතර ක්‍රමාණුකූල අධ්‍යනයෙන් Computer Programming මුල සිට සරලව නොමිලේ ඉගන ගැනීමේ වටිනා අවස්ථාවක් ඔබට හිමි වේ. පළමුව මේ හරහා දැනුම ලබා දීමට බලාපොරොත්තු වන්නේ Java Programming Language පිලිබදවයි

Programming කියන්නේ මොකද්ද?

Programming කියන්නේ මොකද්ද කියල අපි ඉස්සෙල්ලම බලමු.

(c)LankaEzine2011

Programming Language කියන්නේ කෘතීමව නිපදවපු භාෂාවක් මේ භාෂාවෙන් අපි සන්නිවේදනය කරන්නේ පරිගණකය සමග. පරිගණකයේ හැසිරීම පාලනය සදහා තමය් මේ පරිගණක භාෂාවන් යොදා ගන්නේ.
මේ පරිගණක භාෂාව යොදාගන ලියන ප්‍රකාශන Source Code කියල හදුන්වනවා. දැන් එතකොට මොකද්ද programming කියන්නේ පරිගණක භාෂාව යොදාගන ප්‍රකාශන ලිවීම, පරීක්ෂා කිරීම, සහ Source Code එක නඩත්තු කිරීම Computer programming ලෙස හදුන්වනවා. නමුත් මේ Source code එක කෙලින්ම තේරුම්ගැනීමේ හැකියාවක් පරිගණකයට නැහැ ඒ නිසා අපට සිදුවෙනවා පරිගණකයට තේරුම් ගත හැකි 2 පාදයේ සන්කයා වලින් මේ තොරතුරු පරිගණකයට ලබා දෙන්න (Binary Representation ) .මේ සදහා අප ලියන ලද Source code එක Binary වලට පරිවර්තනය (convert ) කරනවා. පරිගණකයට තේරුම්ගත හැකි Binary Representation එක computer executable form ලෙස හදුන්වනවා. මේකෙදි මුළු program එකම convert කරන්න ( executable file ) හෝ executed on the fly හෙවත් කොටස් වශයෙන් convert කල හැකිය. අපි සාමාන්‍යයෙන් computer Program ලෙස හදුන්වන්නේ programming language එකෙන් ලියන ලද Source code එකය්.

කලින් කිව්වා වගේ computer එකට Source code එක කෙලින්ම තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. Machine language හෝ Machine code ලෙස හදුන්වන පරිගණකයටම අවේනික භාෂාවක් තමි පරිගණකයට තේරුම් ගන්න පුළුවන්.
මෙහිදී එක එක පරිගණකයට අනුවත් මේක වෙනස් වෙනවා. Intel Pentium පරිගණකයේ ඇති MS windows වෙනත් පරිගණකයකට තේරුම් ගත නොහැක.
එසේ නම් source code එක පළමුව Machine code ලෙස convert කිරීමෙන් පසුව පමණක් පරිගණකයේ හැසිරීම පාලනයට යොදා ගත හැක
මෙම Convert කිරීම සදහා
-Compiler
- Interpreter
භාවිතා වේ

Compiler

Compiler යනු Program friendly ලෙස ලියා ඇති source Code එක machine friendly codes එනම් පරිගණකයට තේරුම් ගත හැකි විධාන බවට හරවා දෙන වැඩසටහනකි
සම්පුර්ණ Source code එකම එසේ හැරවීමෙන් පසු පමණක් වැඩසටහන පරිගණකයේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇතිවේ. මුළු source code එකම එකවර Machine code බවට හරවනු ලබය්

එකිනෙකට වෙනස් පරිගණක වල machine codes එකිනෙකට වෙනස්ය එබැවින් එක පරිගණකයකින් machine code බවට හරවන ලද machine code එක තව පරිගනකයක ක්‍රියාත්මක නොවීමටද ඉඩ ඇත

Interpreter

Interpreter මගින් සම්පුර්ණ Source code එක එක වරම පරිවර්තනය කරනු නොලබයි එක කොටසක් පරිවර්තනය කර එහි output එක ලබාදී ඉතිරි කොටස පරිවර්තනය interpreter මගින් සිදුවන බැවින් මෙය compiler වලින් වෙනස් වේ

· Specify the Problem

· Analyze and break down into a series of steps towards solution

· Write the code

· Compile, test and run the program

Specify the problem

පළමුව පරිගණක වැඩසටහනේ output එක ගැන අදහසක් ලබාගත යුතු අතර එම output ලබා දීමට පරිගණක වැඩසටහනට ඇතුල් (input ) කල යුතු දත්ත පිළිබද අදහසක් ලබා ගැනීම මෙම පළමු පියවරේදී සිදුවෙයි

Analyze and break down into a series of steps towards solution

සම්පුර්ණ වැඩසටහනේ ක්‍රියාවලිය (take the overall problem ) පිළිබද දල අවබෝදයක් ලබා ගත පසු එය නැවත කුඩා කොටස් වලට වෙන් කර ගැනීම හෙවත් උප ක්‍රියාවලින් හදුනා ගැනීම මෙහිදී සිදුවේ (break it down to sub problems )

Write the code

පළමුව හදුනා ගත් ක්‍රියාවලියට අනුව තාර්කිකව Source code එක ලිවීම මීලගට කල යුතුයි මෙහිදී Programming Language එකක් යොදා ගනී

Compile, test and run the program

පරිගණක වැඩසටහන් සැලසුම් කරන අතර හා කෝඩ් එක ලියන අතරතුර පරීක්ෂා කිරීම සිදුකරයි
විශාල පරිගණක වැඩසටහන් සදහා මෙම පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ. මීලගට වැඩසටහන ක්‍රියාත්මක කල හැක

No comments:

Post a Comment