මායා යනු ත්‍රිමාන ඩිජිටල් මොඩල සහ ඇනිමේශන් නිර්මාණයට යොදා ගන්නා මෘදුකාංගයකි. මෙය “ත්‍රිමාණ සජීවීකරණ” මෘදුකාංගයක් ලෙසද නම් කරනු ඔබ ඇතැමිවිට අසා ඇති. ත්‍රිමාණ (3D) මොඩල සහ චලන රෑප බොහෝවිට භාවිතාවට ගැනෙන්නේ පරිගණක ක්‍රීඩා වල සහ චිත්‍රපට වලය. උදාහරණයක් ලෙස Avatar වැනි චිත්‍රපට වල සහ FEAR වැනි පරිගණක ක්‍රීඩා වලට අවශ්‍ය ත්‍රිමාණ සජීවීකරණයන් සිදු කර ඇත්තේ මායා වැනි මෘදුකාංග වල ආධාරයෙනි.
මුලින්ම ත්‍රිමාණ හෙවත් 3D යන්නෙහි අර්ථය සළකා බැලුවොත්:
ද්විමාන හෙවත් 2D රෑපයක් යනු ඔබ කොලයක අදින රෑපයක් වැනි දෙයකි. කාටූන් වල තිබෙන්නේ ද්විමාන රෑපය. ඒවාට උසක් පළලක් තිබුණද ගැඹුරක් නැත. ත්‍රිමාන රෑපයක් යනු උසක් දිගක් මෙන්ම ගැඹුරක්ද ඇති රෑපයකි. නවීන පරිගණක ක්‍රිඩා වල ඔබ දකින රෑප මෙවැනි ගැඹුරක් සහිත, ඒ මේ අතට හරවා බැලිය හැකි ස්වාභාවික පෙනුමැති රෑපය. අප මායා මගින් දැන් නිර්මාණය කිරීමට ඉගෙන ගැනීමට යන්නේ ද මෙවැනි ත්‍රිමාන 3D රෑප ගැනයි.
අපට මාන හතරක රෑපයක් ගැනද කථා කළ හැකි නමුත්, එවැනි රෑපයක් තිබිය හැක්කේ අපගේ සිත තුළ පමණය. මන්දයත්, අප ජීවත් වන්නේ ත්‍රිමාන විශ්වයක වන හෙයින්, හතර වන මානය යනු කවරක් දැයි භෞතික වශයෙන් අපට දැකගත හැකි නොවන නිසාය.
එහෙත් මුලින් ම අප ත්‍රිමාන රෑප නිර්මාණය කිරීමට බසින්නේ නැතිව, මායා ටිකක් හදුනා ගෙන සිටිමු.
මායා භාවිතයෙන් ත්‍රිමාණ සජීවීකරණය කිරීමේ දී, පහත දැක්වෙන අංශ වලින් ඔබට වැඩ කිරීමට සිදුවේ:
1. මොඩල සෑදීම: මායා තුළ මොඩල සෑදීමේ ක්‍රම කීපයක් ඇත. Polygon, NURBS සහ Subdivision Surfaces යනු මෙවැනි මොඩල සෑදීමේ ක්‍රම ය.
· Polygon ක්‍රමය සාමාන්‍යයෙන් අප භාවිතා කරන්නේ, අප සෑදීමට යන මොඩලය එතරම් සංකීර්ණ නොවන සරළ එකක් වන විටය. මෙම ක්‍රමයට සාදන මොඩල වල quality එක අඩුය.
· NURBS අප පාවිච්චි කරන්නේ සෑදිය යුතු මොඩලය වඩාත් සංකීර්ණ සහ තත්වයෙන් උසස් high quality එකක් විය යුතු විට ය.
· Subdivision surfaces යනු ඉහත ක්‍රම දෙක අතර ක්‍රියාකාරීත්වයකින් යුතු එකකැයි කිව හැකි ය. එනම්, Subdivision surfaces, polygons ලෙසද NURBS ලෙසද ක්‍රියා කරයි.
Need for Speed පරිගණක රේසින් ක්‍රීඩාවේ 3D කාර් මොඩලයක්
2. Characters හෙවත් චරිත (මිනිසුන්, සතුන් සහ රොබෝවන් වැනි) නිර්මාණය කර, ඔවුන්ට චලනය වීම පිණිස අශ්ටි පංජරයන් සහ ඔවුන්ගේ අභ්‍යන්තර කොටස් සැගවීම පිණිස සම් හෙවත් ස්කින්ස් ලබා දීම. මෙමගින් ඉතාමත් සජීවී චරිත රෑප නිර්මාණය කිරීමට හැකිය.
3. රෑප වලට චලන ලබා දීම හෙවත් Animate කිරීම. මායා තුල ඇති ඕනෑම මොඩලයක් ඇනීමේට් කිරීමට ඔබට හැකිය.
4. ජලය, ගින්දර සහ හිසකෙස් සහ ලොම් වැනි, සජීවී ලෝකයෙහි පවතින නොයෙක් දෑ සෑදීම. මේවා හැදින්වීම පිණිස Dynamic and Fluids හෝ Effects යන නම් භාවිතා වේ.
5. ද්විමාන රෑප ඇදීම. මෙය චරිත වලට ස්කින්ස් ලබා දීමේ දී වැනි අවස්ථා වලදී ප්‍රයෝජනවත් වේ.
6. රෑප වලට අලෝකය සහ අදුර ලබා දීම. මෙය මගින් ඔබ සෑදූ මොඩල වලට ගැඹුරක් සහ තාත්වික ස්වාභාවයක් ලැබේ.
ඉහත අප සළකා බැලුවේ මායා මගින් අප සිදු කල හැකි වැඩ ය. මීලග පාඩමේදී අප මායා පිලිබදව තවදුර හදුනා ගනිමු
No comments:
Post a Comment