|
දුර සිටින කිසියම් කෙනෙක් මේ වෙලාවේදී කරන්නේ මොනවා දැයි බලා ගැනීමට උවමනාවක් ඔබට කවදා හෝ ඇති වී තිබෙනවාද? දුර සිටින කෙනෙක් යැයි කීවේ ඔබට ඇස් වලින් නොපෙනෙන දුරක සිටින කෙනෙක් ගැනයි. උදාහරණයක් හැටියට, දුර සිටින ඔබේ සහකරැවා මේ වෙලාවේ මොනවා කරනවා දැයි දැයි හොරෙන් බලා ගැනීමට ඔබට ඇතැම් විට සිතී ඇති. එය කල හැකි දෙයක් ද, එසේ නැති නම් විද්‍යා ප්‍රබන්ධ කථා වලට පමණක් සීමා වුණු දෙයක්ද? “නිල නොවන” වාර්ථා වලට අනුව නම්, එය ඔබ ඇස් වලින් දෙයක් බලන්නාක් වැනිම කළ හැකි දෙයකි. ඇමරිකාවේ ස්ටැන්ඩ්‍ෆෝඩ් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් නම්, මෙම දුර සිට දැකීමේ විද්‍යාව - Remote Viewing ගැන පර්යේෂණ කරන්නට පට
න් ගත්තේ 1972 වසරේ සිට බවයි කියවෙන්නේ.1972 දී
, ඇමරිකාවේ CIA සංවිධානය රැසියාව ගැන ඔත්තු බැලීමට දුර සිට බැලීමේ විද්‍යාව යොදා ගන්නට උත්සාහ කළා. ඔවුන් මෙය පහසු ඔත්තු බැලීමේ සේවයක් විදියට හිතුවේ, භෞතික වශයෙන් රැසියාවට නොයා ඇමරිකාවේ
සිටම තනිකර සිතේ බලයෙන් ඔත්තු බැලීමට හැකි වූ නිසයි. CIA සංවිධානය මගින් මෙහෙයවූ පර්යේෂණ සාර්ථක ගතියක් පෙන්වූ නිසා, පස්සේ ඇමරිකානු ආරක්ෂක දෙපාර්ථමේන්තුව හෙවත් U.S. Department of Defense (DoD) සහ Defense Intelligence Agency
(DIA) සංවිධානත් පර්යේෂණ වලට ආධාර සපයන්න පටන් ගත්තා. ඔවුන් මේ පර්යේෂණ කලේ Project “Star Gate” කියන අන්වර්ථ නාමයෙනුයි. මේ පර්යේෂණ ඉතිං සිද්ධ වුනේ ඉතා රහසිගත විදියටයි. ඒකනේ වැඩි දෙනෙක් මේ ගැන නොදන්නේ.
ඔබට අවශ්‍ය නම් මේ දුර සිට දැකීමේ හැකියාව ඔබටත් තිබෙනවා දැයි සොයා බලන්න පුළුවන් සරළ ක්‍රමයක් තිබෙනවා. මේ සදහා පහත පියවරයන් අනුගමනය කරන්න:
Ø මුලින්ම, ඔබේ යහළුවෙකුට හෝ නිවසේ අයෙකුට කියන්න, ඔබට නොපෙනෙන
ලෙස යම් රෑපයක්, ෆොටෝ එකක් හොයා ගන්න කියලා. මේ රෑපයේ ති
යෙන්නේ මොකක් උනත් කමක් නෑ. අපි හදන්නේ ඔබට මේ රෑපයේ
තියෙන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන්ද කියලා බලන්නයි.
Ø දැන් යාළුවාට කියන්න, මේ රෑපයට කිසියම් කෝඩ් එකක් ලබා දෙන්න කියලා. කෝඩ් එකක් කීවේ, අර්ථයක් නැති කිසියම් අකුරැ සහ අංක පේලියක්. මේ කෝඩ් එකෙන් රෑපයේ තියෙන්නේ මොනවා දැයි හිතා ගන්න බැරි බවට සහතික වෙන්න ඕන. උදාහරණයක් විදියට මේ තියෙන්නේ කෝඩ් එකක්: bno7d0. රෑපයට මේ විදියට කෝඩ් එකක් දෙන්නේ, ලෝකයේ ඇති අනෙක් සියළුම වස්තු වලින් මෙම රෑපය වෙන් කර හදුනා ගැනීමට මිසක් එයට අර්ථවත් නමක් දීමට නොවෙන බව මතක තියා ගන්න.
Ø මේ කෝඩ් එක ඔබට කියන්න කියලා යාළුවාට කියන්න. ඔබ කෝඩ් එක හොදින් මතක තියා ගන්න.
Ø පෑනක් සහ කොලයක් ගන්න.
Ø දැන් කලබල නැති තැතකට ගිහින් වාඩි වෙලා, ඇස් පියාගෙන, ගැඹුරැව හුස්මගන්න පටන් ගන්න. ඔබේ හිතේ මේ වෙලාවේ ඇති සිතුවිලි, රෑප, අදහස් ආදිය හැකිතාක් ඉවත් කරන්න උත්සාහ කරන්න - හාල් බදුනකින් හාල් අයින්
කරන්නා වගේ. ඒත් හිත සම්පූර්ණයෙන්ම හිස් කරන්න බෑ. මොකද, ඔබ මුළු ජීවිතයම ගත කෙලේ හිතට හිතුවිලි සහ රෑප පුරවමින් නිසා. ඒ නිසයි එක පාරට හිත හිස් කරන්න අමාරැ. හිත පුළුවන් තරම් හිස් කර, හිත හිස් භාජනයක්,
හිස් කවුළුවක් විදියට දකින්න උත්සාහ කරන්න. දැන් මෙම හිස් ගතිය සහ සැහැල්ලු රිලැක්ස් බව
වින්දනය කරමින් විනාඩි කීපයක් ඉන්න. හිතට රෑප සහ හිතුවිලි ආවොත් අයින් කරන්න බලන්න.
Ø දැන් ඔබේ යාළුවා ඔබට කියපු කෝඩ් එක මතක් කරගන්න. එය හිතේ මවා ගන්න. කෝඩ් එක සෙමින් ඔබටම කියා ගන්න.
Ø මෙතනදී එකපාරට ඔබට පාටවල්, හැඩ තල ආදී යමක් හිතට ආවොත්, ඇස් ඇරලා, ඔබේ හිතට ආපු ඒ දේ කෙටියෙන් ලියන්න. උදාහරණයක් විදියට රවුම් හැඩයක් ඇති දෙයක් පෙනී ගියොත්, රවුම කියලා ලියන්න. ඒ වගේම උණුසුමක් හෝ සිසිලක් වගේ දෙයක් දැනී ගියත් ඒකත් සටහන් කරන්න. හිතට එන දේවල් මේ විදියට
සටහන් කරන්න පටන් ගන්න.
Ø ඇස් ඇර යමක් ලීවායින් පස්සේ, ඇස් වහලා ආයෙත් හිත හිස් කරගෙන කෝඩ් එක මතක් කරගන්න. ඊළග රෑපය හෝ කරැණ හිතට ආපුවම ඒක ලියලා ආයෙත් හිත හිස් කරලා රිලැක්ස් වෙ
න්න. මෙහෙම හැකිතාක් කරැණු සටහන් කරන්න.
Ø ඒත් මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා: ඔබට ඉතා ම පැහැදිලිව යමක් පෙනුනොත්, එය බොහෝ විට නිවැරදි දැකීමක් නොව, ඔබේ හිතෙන්ම ආපු දෙයක් විදියටයි සලකන්න වෙන්නේ. උදාරහණයක් විදියට ඔබ හොදින් දන්න ගොඩනැගිල්ලක පැහැදිලි රෑපයක් හිතට ආවොත් එය පැහැදිලිවම ඔබේ මතකයෙන් ආපු එකක් මිසක් ඔබ දකින්නට උත්සහ කරන සැගවුණු රෑපයට අදාල දෙයක් නෙවෙයි. මේ වගේ ඒවා ලියන්න එපා, ඒවා හිතෙන් අස් කරන්න. නිවැරදි පෙනීම් ලෙස පිළිගැනෙන්නේ බොහෝ විට අපැහැදිලිවට පෙනෙන දේවලුයි. කලින් කීවාක් වගේ, කිසියම් හැඩයක් වගේ අපැහැදිලි දෙයක් පෙනී ගියොත් එය රෑපය ගැන සාක්ෂියක් කියා සැක කරන්න පුළුවන්. ඒ වගේ දේවල් පමණක් කොලයේ සටහන් කරන්න.
Ø මෙහෙම හැකිතාක් කරැණු සටහන් කලායින් පස්සේ, ඔබේ යාළුවාට කියන්න රෑපය පෙන්නන්න කියලා. ඔබ කොලයේ ලියපු දේවල් එක්ක රෑපය සන්සන්දනය කරන්න. ඔබ රෑපය ගැන හරි දේවලුත් වැරදි දේවලුත් ලියා තියෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට, උදෑසන ඉර
නගින රෑපයක් ගැන ඔබ “රවුම” යවුවෙන් ලියා තියෙන්න පුළුවන්. මේ කියන්නේ ඉරේ හැඩය හැඩය ගැන වෙන්න පුළුවනි. එහෙම නම් ඒක නිවැරදිව ලියූ දෙයක් ලෙස ගන්න පුළුවන්. රෑපයේ නැති ම දෙයක් ලියා තියෙනවා නම් එය වැරදියට ලියූ දෙයක් විදියට ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ගලා යන ජලයක රෑපයකට “යකඩ” කියලා ලියා තියෙනවා නම් ඒක වැරදිනෙ.
Ø දැන් ඔබ ලියපුවාට හරි වැරදි දාගෙන යනකොට ඒවායින් 20% ක් වත් හරි ගියොත්, එයින් කියවෙන්නේ ඔබට දුර සිට දැකීමේ සුළු හෝ හැකියාවක් තියෙන බවයි. පුහුණුව ලැබූ අත්දැකීම් සහිත දුර සිට බලන්නන්ට (Remote viewers) මේ වගේ පරීක්ෂණයකින් එන්නේ 33% - 80% අතර ලකුණු ප්‍රමාණයක් බවයි සදහන්
වෙන්නේ.
Ø ඔබට දුර සිට දැකීමේ හැකියාවක් තිබේ නම්, එයින් කියවෙන්නේ විශ්වය මගින් ඔබට මෙම හැකියාව උගන්වා ඇති බවයි. මෙම හැකියාවෙන් කියවෙන්නේ ඔබ එක් තැනකට සීමා නොවූ විශ්වීය ජීවියෙක් බවයි. මෙය විශ්වයේ ඇති රහස් කරා ඔබට යාමට හැකි දොරටුවක් වන බවයි. එමෙන්ම, ලෝකය තුළ අප එදිනෙදා දකින දේට වඩා විශාල රහස් සමූහයක් ඇති බවයි.
No comments:
Post a Comment