3D ඛණ්ඩාංක (co-ordinates)
කළින් පාඩමේ අප දුටු පරිදි, මායා තුළ අප සාදන්නේ ත්‍රිමාන රෑපයි. ත්‍රිමාන රෑප සෑදීමට නම් අප ත්‍රිමාන වාතාවරණයක සිටිය යුතුය. ද්විමාන වාතාරණය සිට අපට ත්‍රිමාන රෑප සෑදිය නොහැකිය. උදාහරණයක් වශයෙන්, පොටෝෂොප් වැනි මූලික වශයෙන් ද්විමාන වාතාවරණයක් ඇති මෘදුකාංගයකින් ත්‍රිමාන රෑප සෑදිය නොහැකිය. පොටෝෂොප් හි ‘බෙවල්’ වැනි එෆෙක්ට්ස් භාවිත කර රෑප වලට යම් ත්‍රිමාන බවක් ලබා දිය හැකි වුවද, එය නියම ත්‍රිමාන රෑප සෑදීමක් ලෙස ගත නොහැකි ය. නියම ලෙස ත්‍රිමාන රෑප සෑදීමේදී, රෑපය ඒමේ අත හරවමින් එය එඩිට් කිරීමට හැකි විය යුතුය. මෙම හැකියාව සහ අලංකාර ලෙස ත්‍රිමාන රෑප සෑදීමට උපකාර වන වෙනත් බොහෝ පහසුකම් මායා තුළ අඩංගු ය.
අද පාඩමෙන් අප බලන්නට යන්නේ මායා හි ත්‍රිමාන ඛණ්ඩාංක ගැන ය. මුළින්ම ඛණ්ඩාංක යනු මොනවාදැයි බලමු. ඛණ්ඩාංකයක් යනු කිසියම් ත්‍රිමාන වස්තුවක් ත්‍රිමාන විශ්වයක් තුළ පිහිටන ස්ථානය දක්වන විධියකි. උදාහරණයක් ලෙස, ඔබේ කාමරය නැමැති ත්‍රිමාන අවකාශය තුළ ඔබේ පරිගණකය පිහිටන තැන ඛණ්ඩාංක මගින් දැක්විය හැකිය. මෙසේම, මායා හි ත්‍රිමාන අවකාශය තුළ ඇති ත්‍රිමාන රෑපයක් පිහිටන තැනද ඛණ්ඩාංක මගින් දැක්විය හැක.
වස්තුවක ඛණ්ඩාංක මනින්නේ කිසියම් ආරම්භක ස්ථානයකට (origin) සාපේක්ෂවය. මෙම ආරම්භක ස්ථානයේ ඛණ්ඩාංක දක්වනු ලබන්නේ (0,0,0) ලෙසයි. දැන් මෙම ආරම්භක ස්ථානයේ සිට කිසියම් වස්තුවක් ඇති ස්ථානයට ඛණ්ඩාංක දැක්විය හැකිය. උදාහරණයක් ලෙස, “කිසියම් වස්තුවක් (7, 3, 4) යන ස්ථානයේ පිහිටයි” යනුවෙන් කිව හැකිය. මෙහිදී 7,3, 4 පිළිවෙලින් විස්තුව පිහිටි ස්ථානයේ X, Y සහ Z ඛණ්ඩාංක දක්වයි. Y අක්ෂය යනු ත්‍රිමාන අවකාශයෙහි ඉහළ පහළ ඛණ්ඩාංක දක්වන අක්ෂය වන අතර, X සහ Z යනු එම අවකාශයෙහි දිග පළල දක්වන ඛණ්ඩාංකයි. ඒසේ නම් (7, 3, 4) යන්නෙන් කියවෙන්නේ, වස්තුව ආරම්භක ස්ථායේ සිට Y අක්ෂය දිගේ ඒකක 3ක් උසින්ද, X අක්ෂය දිගේ ඒකක 7ක් දුරින් සහ සහ Z අක්ෂය දිගේ ඒකක 4ක් දුරින් පිහිටන්නේය යන්නය.
කිසියම් වස්තුවක් ආරම්භක ස්ථානයෙන් අනෙක් පිට පිහිටුවීමට නම්, ඛණ්ඩාංක සදහා ඍණ අගයන් ලබා දෙන්න .
No comments:
Post a Comment