


This is the first Educational only Website in sinhala.මෙම web අඩවිය මගින් අප විසින් විවිධ සේවා නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇති අතර ප්‍රධාන වශයෙන් විද්‍යාව හා තොරතුරු තාක්ෂනය යන විෂයන් දෙක ඔස්සේ විහිදී ඇති අතර මේ හරහා ඔබට විද්‍යා ලෝකයේ නව සොයාගැනීම් මෙන්ම පාසල් විෂය නිර්දේශයට අදාළ විද්‍යා විෂය කරුණුද දන ගැනීමේ වටිනා අවස්ථාවක් හිමිවේ


Social anxiety disorder හෙවත් සමාජ භීතිකාව
සමාජ භීතිකාව යනු සාමාජීය අවස්ථාවන්ට ඇති අධික බියයි. මෙම භීතිකාව ඇති අයට සාමාජීය වශයෙන් වැඩ කිරීමේදී සහ එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාමේදී දැඩි අපහසුතා ඇතිවේ. රෝගය සහිත පුද්ගලයින් ගේ මූලික ලක්ෂණය වන්නේ, අන් අය තමන් ගැන කෙසේ සිතාවි දැයි යන අධික සහ නිරන්තර භීතියයි. කවර දෙයක් කලද මෙම බිය ඔවුන්ගේ පිටුපස පැමිණෙයි.
රෝගයෙන් පෙලෙන්නන්ගේ කායික රෝග ලක්ෂණ වන්නේ: රතු වීම, අධික ලෙස දහඩිය දැමීම, අධික පපුවේ ගැස්ම, ක්ලාන්ත ගතිය, ගොත ගැසීම, වේගයෙන් සහ නොවැටහෙන පරිදි කථා කිරීම යනාදියයි. මෙම ලක්ෂණ වැඩි වශයෙන් මතු වන්නේ ආතතිය ගෙන දෙන සමාජශීලී අවස්ථාවන් වලය. මෙම භීතිය අතිශයින් ම උග්‍ර වුවහොත් Panic Attacks සහ depression යන තත්ව මතුවීමට ඉඩ තිබේ. මෙවැනි සමහරක් රෝගීන් සාමාජීය අවස්ථාවන්ට ඇති අධික බිය පහ කර ගැනීමට ඇතැම් විට මධ්‍යසාර හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කරයි. කලින්ම රෝගය හදුනා ගැනීම මගින් රෝගය උත්සන්න වීම නතර කළ හැකිය.
සමාජ භීතිකාව සහිත පුද්ගලයින් තමන් ගැන අවශ්‍ය පමණට වැඩිය සිතයි. කිසියම් ක්‍රියාවක් කළ පසු ඔවුන් ඒ ගැන අවශ්‍ය පමණට වඩා කල්පනා කරයි. එසේම ඔවුන්ට තමන් ගැන අධි තක්සේරැවක් ඇත. එනම්, කිසියම් වැඩක් කරන විට එම වැඩය තමන් විශිෂ්ඨ ලෙස අකුරටම කළ යුතු යැයි ඔවුන් සිතයි. මෙනිසා තමන් කළ යම් වැඩක් වැරදී ගියහොත්, එයින් ඔවුන් දැඩි අසහනයට පත් වේ. ඔවුන් අනෙකුන් ඉදිරියේ උසස් හැසිරීමක් සහ තත්වයක් පෙන්වීමට උත්සාහ කරන නමුත්, තමන් පහත් බව හැම විටම සිතයි. බිය ඇති කරවන කිසියම් සමාජීය අවස්ථාවකට අනාගතයේ දී මුහුණ දෙන්නට තිබේ නම්, ඔවුන් කළින්ම සිතන්නේ එහිදී තමාට වැරදීමට සහ ලැජ්ජාවට පත්වීමට ඇති ඉඩකඩ ගැන සහ, එම අවස්ථාවන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැනයි. එම සමාජීය අවස්ථාව නිම වූවායින් පසු ඔවුන් තමන්ගේ හැසිරීම විචාරයට ලක් කරන අතර, එවිට ඔවුන් සිතන්නේ තමන් හැසිරැණු සැටි හොද මදි යැයි කියාය. මෙම හැගීමෙන් ඇතැම් විට දින ගණනාවක් යන තෙක් ඔවුන් පීඩා විදිති. අධ්‍යනයන්ට අනුව සොයාගෙන ඇත්තේ, සමාජ භීතිකාව ඇති පුද්ගලයින්ට, තමන් ට ලැබුණු ඍණ අත්දැකීම්, ධන අද්දැකීම් වලට වඩා ඉතා හොදින් මතක හිටින බවය.
නමුත් මෙවැනි රෝගියෙකු දකින අන් පුද්ගලයින් වැරදි ලෙස සිතන්නේ ඔහු හෝ ඇය අධික මානයක් සහිත පුද්ගලයෙකු බවය. මන්ද යත් ඔහු/ඇය වැඩි කතා බහකින් හෝ සිනාවකින් තොරව පසු වන හෙයිණි. එහෙත් සිදුවන්නේ එම සාමාජීය අවස්ථාවේදී රෝගියාට දැඩි අපහසුවක් දැනීමෙන්, වැඩි දුර කථා කිරීමට හෝ පුද්ගලයින් සමග එම මොහොතේ සමාජශීලී වීමට නොහැකි වීමය. එවැනි පුද්ගලයෙකුට අවශ්‍ය වන්නේ, තමන්ට ආතතිය ගෙන දෙන එම ස්ථානයෙන් හැකි ඉක්මනින් ඉවත් වී හුදකලා වීමට ය.
මෙම රෝගය සදහා උදාහරණයක් වශයෙන්, රෝගය සහිත කෙනෙක් පිරිසක් ඉදිරියේ කථා කිරීමේ අවස්ථාවක් සළකමු. ඔහුට හෝ ඇයට එක් තැනකදී කිසියම් වචනයක් ගොත ගැසේ යැයි සතමු. මෙහිදී ඔහු/ඇය සිතන්නේ මෙම ගොත ගැසීම අසන්න්නට හොදින් ඇසුණු නිසා ඔවුන් තමන් ට සිනාසෙන බවය. මෙසේ දිගින් දිගටම සිතීම නිසා ඔහුට/ඇයට කථාව තුළ තව තවත් ගොත ගැසීම් සහ දහදිය දැමීම සිදුවේ. තත්වය උග්‍ර වුවහොත් Panic attack තත්වය දක්වා යයි.
සමාජ භීතිකාවට වෙළද පොලේ ඖෂධ වර්ග කීපයක් සොයා ගත හැකිය. මේවා සමහරක් වල නම් මෙසේය: Zoloft, Prozac, Paxil, serotonin-norepinephrine reuptake inhibitors (SNRIs), monoamine oxidase inhibitors (MAOIs), beta-blockers, benzodiazepines, mirtazapine. Kava නැමැති පැලෑටියක් ද මෙම රෝගය සදහා ප්‍රතිකාරය ලෙස පාවිච්චි කළ හැකි බව කියවේ. එහෙත් මෙම ඖෂධ හුදෙක් තාවකාලික සහනයක් ලබා දෙනවා පමණි. රෝගය සුව කිරීම සදහා දිගු කාලීන ප්‍රතිකාර වලට යා යුතුය.
සමාජ භීතිකාව ගැන වැඩි විස්තර මීලග ලිපියෙන් දැනගමු...

(c) LankaEzine 2011
“අම්රිතා නැමැති දේව පානය දිව්‍යලෝකයෙන් පොළොවට හැළුණු විට, එතැනින් කැනබිස් ශාකය මතු විය.” පාරම්පරික ඉන්දියානු ලියවිල්ලක්, කැනබිස් (මරිජුවානා) ශාඛය ගැන කියන්නේ එසේය. පාරම්පරික ඉන්දියානුවන්ට අනුව, මිනිසාට සතුට, වීර්ය්‍යය සහ ශක්තිය ලබා දීම පිණිස

දෙවියන් මිනිසුන් වෙත කැනබිස් ශාඛය එවූසේක. තවත් කථාන්තරයකට අනුව, අම්රිතා ලබා ගැනීම පිණිස දෙවිවරැ කිරි සයුර කලතන විට, එයින් කැනබිස් ද පැණියක් ලෙස ප්‍රථිපල විය. ලැබුණු එම පැණිය ශිව දෙවියන්ට පූජා කෙරැණු අතර ම, එය ඉන්ද්‍රා දෙවියන්ගේ ප්‍රියතම පානය බවට
ද පත් විය. කිරි සයුර කැලතූ පසු, අම්රිතා පානය කොල්ල කෑම පිණිස යක්ෂයින් උත්සාහ ගත් නමුත්, දෙවියෝ එම උත්සාහය ව්‍යවර්ථ කිරීමට සමත්
වූහ. තමන්ගේ මෙම ජයග්‍රහණය සනිටුහන් කිරීම පිණිස ඔවුහු කැනබිස් වෙත “විජය” නැමති නම ලබා දුන්හ. මෙම සිදුවීම නිසා, කැනබිස් නැමැති මෙම දෙවියන් ගේ ශාකය පාවිච්චි කරන්නන්ට දිව්‍යමය බල ලැබෙන බව ඉන්දියානුවෝ විශ්වාස කරති. ඉන්දියානු වේද ග්‍රන්ථ වල කැනබිස් හැදින්වෙන්නේ, “මිනිසාට යහපත් ශරීර සෞඛයක් සහ දීර්ඝායුශ දෙන්නාවූත්, ඔහුට ‘දිව්‍යමය දර්ශණ’ පෙන්නන්නාවූත් ඖශධයක්” ලෙස ය.

මිනිසා සහ කැනබිස් ශාකය අතර සම්බන්ධය අවුරැදු දස දහසක් තරම් පැරණිය. පැරණි මිනිසා මෙම ශාකය කෙදි ලබා ගැනීමට, තෙල් ලබා ගැනීමට, ආහාර වශයෙන්, මානසික උත්තේජකයක් වශයෙන් සහ රෝග බොහෝ ගණනාවකටම ඹෞශධයක් වශ
යෙන් භාවිතා කළෝය. පැරණි ශිෂ්ඨාචාර වල මෙය භාවිත කළ බවට සාධක බොහෝ ඇත. චීනය, තුරැකිය, තායිලන්තය, ඊජිප්තුව වැනි රටවල ඇති පැරණි නටඹුන් අතර, ශක්තිමත්
කැනබිස් කෙදි වලින් සෑදු බඩු භාහිරාදිය සොයාගෙන තිබේ. මුලින්ම මධ්‍යම ආසියාවේ දී පාවිච්චියට ගැනුණු කැනබිස්, පසුව මුළු පැරණි ලෝකය පුරාම ව්‍යාප්තව
ගියේ එහි ප්‍රයෝජනවත් බවට සාක්ෂි සපයමිනි. ක්‍රි.ව. 1700 පමණ වන තෙක්, කැනඩාව, වර්ජිනියාව, නිව් ඉංග්ලන්ඩ් වැනි නව ලෝකයට අයත් ස්ථානයන්හි ද කැනබිස් වගාව කෙරිණි. එහෙත් කුතුහලයජනක ලෙස, වර්ථමානයේ මෙම ශාකය පොදු ජනයාට වගා කිරීමට, ලග තබා
ගැනීමට සහ ප්‍රවාහනයට තහනම් කොට තිබේ. අද කැනබිස් ලබා ගැනීමේ එකම ක්‍රමය වන්නේ, වෛද්‍යවරයෙකු ගේ සහතිකය මත බෙහෙතක් ලෙස බෙහෙත් ශාලාවකින් පමණි. ලංකාව සහ ඉන්දියාව වැනි රටවල නම්, ආයුර්වේද වෙදකම සදහා ද කැනබිස් යොදා ගන්නා බව සදහන් වේ. පහත දැක්වෙන්නේ කැනබිස් බෙහෙතක් වශයෙන් පාවිච්චි කළ හැකි අවස්ථා කීපයකි:
* වෙළද බෙහෙත් වර්ග වලට වඩා හොදින් ඇල්සයිමර් රෝගය පාලනය කිරීම සදහා කැනබිස් භාවිතා කළ හැකි බව කියවේ. එය මගින්, මොලයේ ඇති වන “ඇල්සයිමර් ඵලක” ඇති කිරීම සදහා වගකිව යුතු
acetylcholinesterase නැමති එන්සයිමය නිපදීම අඩාල කෙරේ.
* භින්නෝන්මාදය, ද්විධ්‍රැවතාවය සහ අවපීඩනය වැනි මානසික රෝග යහපත් අතට පෙරලයි.
* පියයුරැ පිලිකාවක් සිරැරේ අනෙක් තැන් වලට පැතිරීම නවත්වයි.
* HIV/AIDS රෝගීන් ගේ කෑම රැචිය වඩවයි.
* මොළයේ පිළිකා සෛල විනාශ කරයි.
* ALS රෝගයේ රෝග ලක්ෂණ පාලනය කිරීමට යොදා ගත හැකිය.
* කැනබිස් පාවිච්චි කළ හැකි තවත් රෝග ලැයිස්තුවක් මෙසේය:
* Amyotrophic lateral sclerosis
* Diabetes mellitus
* Dystonia
* Fibromyalgia
* Gastrointestinal disorders
* Gliomas
* Hepatitis C
* Human Immunodeficiency Virus
* Hypertension
* Incontinence
* Multiple sclerosis
* Osteoporosis
* Pruritis
* Rheumatoid arthritis
* Sleep apnea
* Tourette’s syndrome
කැනබිස් භාවිතය තහනම් කිරීමේ එක් හේතුවක් නම් කැනබිස් මත්ද්‍රව්‍යක් ලෙස යොදා ගැනීම බව කියවේ. එහෙත් එයට මත්ද්‍රව්‍යකැයි නම් දී තිබුණද, එය භාවිතා කරන කිසිවෙකු එයට ඇබ්බැහි නොවන බවත්, එයින් සිරැරට කිසිත් හානියක් නොමැති බවත් අධ්‍යයන වලින් හෙලිවී ඇත. ඇත්තෙන්ම ඇතැම් අධ්‍යයන වලට අනුව, කැනබිස් පාවිච්චිය සෞඛ්‍යට හිතකර ය.

වෙනත් පරීක්ෂන සහ අත්හදා බැලීම් වලට අනුව, කැනබිස් මගින් භාවනා ක්‍රම මගින්
ලබා ගත යුතු විශ්වීය දැනුම සහ අවබෝධය ලබා දෙයි. මෙම අදහස පැරණි කාලයේ සිටම පැවතෙන්නකි. පැරණි ආගමික අවස්ථා වලදී කැනබිස් පාවිච්චිය සිදු වූ බව කියවේ. හිමාල ප්‍රදේශයේ තාන්ත්‍රික් බුදු දහම අනුගමනය කරන යෝගීහු, භාවනා උපකාරකයක් වශයෙන් සහ මානසික උත්තේජකයක් වශයෙන් එය භාවිතා කරන බව සදහන් ය. කැනබිස් ශරීරගත වූ විට මනස “විශාලනය” වන බවට පැවසෙන අතර, පාවිච්චි කරන්නාට සාමාන්‍ය භෞතික විශ්වයේදී අත්දැකීමට නොලැබෙන අද්දැකීම්, දර්ශණයන් සහ අවබෝධයන් ලැබෙන බව කියවේ. මතු දැක්වෙන්නේ කැනබිස් පාවිච්චි කරන්නෙකු ගේ අදහසකි: “ජීවිතය සහ ලෝකය යනු අභිරහසකි. එහෙත් ලෝකයේ නියම ස්වභාවය ඔබෙන් වසන් කර තිබේ. සත්‍ය වසන් කරන මෙම පටලය බිදින ක්‍ර
ම තිබේ. කැනබිස් යනු ඒ අතරින් හොදම ක්‍රමයකි.”
කැනබිස් තහනම් කිරීමේ අනෙක් හේතුව ලෙස කියවෙන්නේ, කැනබිස් තහනම ඉවත් කලහොත්, සෑම දෙනාටම එය භාවිතයට ගැනීමට හැකි වීම නිසා ඔවුන් රෝග වලට ගොදුරැ වීම අවම වීමය. මෙය වානිජ බෙහෙත් කර්මාන්තයට පාඩු දායකය. මෙනිසා කැනබිස් පොදු ජනයාට ලබා ගත නොහැකි තහනම් පැලෑටියක් ලෙස ඒ ඒ රටවල ආණ්ඩු මගින් පවත්වාගෙන යනු ලැබේ යැයි කියවේ.
නව ලෝකයට අයත් සුප්‍රසිද්ධ පුද්ගලයින් කැනබිස් භාවිත කළ සාධක තිබේ. මෙයින් එක් අයෙකු නම් විලියම් ශේක්ස්පියර් ය. ඔහුගේ ගෙවත්තේ වැළලී තිබී කැනබිස් භාවිතය සදහා ගත් දුම් පයිප්ප පසුව හමුවී ඇත. එමෙන්ම විද්‍යාඥයකු සහ සුප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙකු වූ කාර්ල් සගාන් ද කැනබිස් ගත් බවට කියවේ. තවත් බොහෝ සංගීතඥයින් සහ චිත්‍ර ශිල්පීන් ද කැනබිස් ගත් බව ප්‍රසිද්ධය. පහත දැක්වෙන්නේ
කැනබිස් භාවිතා කළ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ සමහරක් සහිත ලැයිස්තුවකි:
• Abraham Lincoln.
• Aldous Huxley
• Alexander Dumas
• Arthur Conan Doyle. Author, creator 'Sherlock Holmes'.
• Beatles.
• Bill Clinton.
• Bill Gates.
• British Lords & MP's - too many to list .
• Carl Sagan. Author.
• Charles Dickens.
• Edgar Allen Poe. Author, multi-drug user.
• Elvis Presley. Singer, FBI informer. • Emperor Liu Chi-nu.
• Ernest Hemmingway. Author.
• George W Bush. Possibly the greatest living hypocrite.
• George Washington.
• Herman Hesse.
• John F Kennedy. Popular US president (assassinated).
• John Keats. Poet.
• Prince Charles.
• Prince William.
• Prince Harry.
• Pythagoras.
• Queen Victoria.
• Ram Dass.
• Stephen King.
• Victor Hugo. • Whitney Houstonn. Busted at Hawaii airport but ran away.
• William Shakespeare. Playwright.
• Winston Churchill. British Prime Minister, poet, artist & multi drug user.
• Zoroaster. Persian prophet.
කැනබිස් ශාකය කෙතරම් අසාමාන්‍ය ශාකයක් වූයේද යත්, එය අයත් වන්නේ කුමන ශාක පවුලකට දැයි තීරණය කිරීමට උද්භිත විද්‍යාඥයින්ට සෑහෙන කාලයක් ගත විය. විවිධ කාල වලදී විද්‍යාඥයින් මෙය විවිධ කුල වලට ඇතුළු කළද, ඒ එකකටවත් කැනබිස් ශාකය මුළුමනින්ම අනුරෑප නොවීය. මෙහෙයින් ඔවුහු කැනබිස් සදහා, Cannabaceae නමින් අළුත් ම ශාක පවුලක් සෑදූහ.
... කැනබිස් පිළිබද තවත් විස්තර පසු ලිපියකදී දැනගනිමු.

මායා යනු ත්‍රිමාන ඩිජිටල් මොඩල සහ ඇනිමේශන් නිර්මාණයට යොදා ගන්නා මෘදුකාංගයකි. මෙය “ත්‍රිමාණ සජීවීකරණ” මෘදුකාංගයක් ලෙසද නම් කරනු ඔබ ඇතැමිවිට අසා ඇති. ත්‍රිමාණ (3D) මොඩල සහ චලන රෑප බොහෝවිට භාවිතාවට ගැනෙන්නේ පරිගණක ක්‍රීඩා වල සහ චිත්‍රපට වලය. උදාහරණයක් ලෙස Avatar වැනි චිත්‍රපට වල සහ FEAR වැනි පරිගණක ක්‍රීඩා වලට අවශ්‍ය ත්‍රිමාණ සජීවීකරණයන් සිදු කර ඇත්තේ මායා වැනි මෘදුකාංග වල ආධාරයෙනි.
මුලින්ම ත්‍රිමාණ හෙවත් 3D යන්නෙහි අර්ථය සළකා බැලුවොත්:
ද්විමාන හෙවත් 2D රෑපයක් යනු ඔබ කොලයක අදින රෑපයක් වැනි දෙයකි. කාටූන් වල තිබෙන්නේ ද්විමාන රෑපය. ඒවාට උසක් පළලක් තිබුණද ගැඹුරක් නැත. ත්‍රිමාන රෑපයක් යනු උසක් දිගක් මෙන්ම ගැඹුරක්ද ඇති රෑපයකි. නවීන පරිගණක ක්‍රිඩා වල ඔබ දකින රෑප මෙවැනි ගැඹුරක් සහිත, ඒ මේ අතට හරවා බැලිය හැකි ස්වාභාවික පෙනුමැති රෑපය. අප මායා මගින් දැන් නිර්මාණය කිරීමට ඉගෙන ගැනීමට යන්නේ ද මෙවැනි ත්‍රිමාන 3D රෑප ගැනයි.
අපට මාන හතරක රෑපයක් ගැනද කථා කළ හැකි නමුත්, එවැනි රෑපයක් තිබිය හැක්කේ අපගේ සිත තුළ පමණය. මන්දයත්, අප ජීවත් වන්නේ ත්‍රිමාන විශ්වයක වන හෙයින්, හතර වන මානය යනු කවරක් දැයි භෞතික වශයෙන් අපට දැකගත හැකි නොවන නිසාය.
එහෙත් මුලින් ම අප ත්‍රිමාන රෑප නිර්මාණය කිරීමට බසින්නේ නැතිව, මායා ටිකක් හදුනා ගෙන සිටිමු.
මායා භාවිතයෙන් ත්‍රිමාණ සජීවීකරණය කිරීමේ දී, පහත දැක්වෙන අංශ වලින් ඔබට වැඩ කිරීමට සිදුවේ:
1. මොඩල සෑදීම: මායා තුළ මොඩල සෑදීමේ ක්‍රම කීපයක් ඇත. Polygon, NURBS සහ Subdivision Surfaces යනු මෙවැනි මොඩල සෑදීමේ ක්‍රම ය.
· Polygon ක්‍රමය සාමාන්‍යයෙන් අප භාවිතා කරන්නේ, අප සෑදීමට යන මොඩලය එතරම් සංකීර්ණ නොවන සරළ එකක් වන විටය. මෙම ක්‍රමයට සාදන මොඩල වල quality එක අඩුය.
· NURBS අප පාවිච්චි කරන්නේ සෑදිය යුතු මොඩලය වඩාත් සංකීර්ණ සහ තත්වයෙන් උසස් high quality එකක් විය යුතු විට ය.
· Subdivision surfaces යනු ඉහත ක්‍රම දෙක අතර ක්‍රියාකාරීත්වයකින් යුතු එකකැයි කිව හැකි ය. එනම්, Subdivision surfaces, polygons ලෙසද NURBS ලෙසද ක්‍රියා කරයි.
Need for Speed පරිගණක රේසින් ක්‍රීඩාවේ 3D කාර් මොඩලයක්
2. Characters හෙවත් චරිත (මිනිසුන්, සතුන් සහ රොබෝවන් වැනි) නිර්මාණය කර, ඔවුන්ට චලනය වීම පිණිස අශ්ටි පංජරයන් සහ ඔවුන්ගේ අභ්‍යන්තර කොටස් සැගවීම පිණිස සම් හෙවත් ස්කින්ස් ලබා දීම. මෙමගින් ඉතාමත් සජීවී චරිත රෑප නිර්මාණය කිරීමට හැකිය.
3. රෑප වලට චලන ලබා දීම හෙවත් Animate කිරීම. මායා තුල ඇති ඕනෑම මොඩලයක් ඇනීමේට් කිරීමට ඔබට හැකිය.
4. ජලය, ගින්දර සහ හිසකෙස් සහ ලොම් වැනි, සජීවී ලෝකයෙහි පවතින නොයෙක් දෑ සෑදීම. මේවා හැදින්වීම පිණිස Dynamic and Fluids හෝ Effects යන නම් භාවිතා වේ.
5. ද්විමාන රෑප ඇදීම. මෙය චරිත වලට ස්කින්ස් ලබා දීමේ දී වැනි අවස්ථා වලදී ප්‍රයෝජනවත් වේ.
6. රෑප වලට අලෝකය සහ අදුර ලබා දීම. මෙය මගින් ඔබ සෑදූ මොඩල වලට ගැඹුරක් සහ තාත්වික ස්වාභාවයක් ලැබේ.
ඉහත අප සළකා බැලුවේ මායා මගින් අප සිදු කල හැකි වැඩ ය. මීලග පාඩමේදී අප මායා පිලිබදව තවදුර හදුනා ගනිමු