මෙම පාඩමට අදාල වීඩියෝ එක බැලීමට, VIDEO LESSON ලින්ක් එක රියිට් ක්ලික් කර "copy link location" හෝ "copy link address" සිලෙක්ට් කරන්න: VIDEO LESSON (2MB). ඉන්පසු ඔබේ වෙබ් බ්‍රවුසර් එකෙහි අළුත් හිස් ටැබ් එකක් ඕපන් කර, එහි Address bar එක තුළ රයිට්-ක්ලික් කර ඇඩ්‍රස් එක Paste කර Enter කරන්න. වීඩියෝ පාඩම එම ටැබ් එක තුළ Play වේවි.
වීඩියෝ එකෙහි පෙනෙන්නේ වේරියබල්ස් සාදන ආකාරයයි. මුළින්ම byte වේරියබල් එකක් සාදා එයට 100 අගය ආදේශ කරන ආකාරය පෙන්වා දෙයි. වේරියල් එකක් සාදන විට වීඩියෝ එකෙහි පෙනෙන ලෙස මුළින්ම එහි ඩේටා ටයිප් එක ටයිප් කළ යුතුය:
byte
මෙසේ කරන්නේ එම වේරියබල් එක සදහා පරිගණක මතකයෙහි නිවැරදි ඉඩ වෙන් කිරීමටයි. byte වේරියබල් එකක් සදහා නම් මෙම ඉඩ ප්‍රමාණය bits 8 කි. මෙසේ short, int, float, double ලෙස ඉහළට යන විටදී මෙම ඉඩ ප්‍රමාණය වැඩිවේ. මන්දයත් එසේ ඉහළට යන විට එම දත්ත වර්ග වල ගබඩා කළ හැකි දත්ත පරාසය විශාල වන හෙයිණි.
දත්ත වර්ගය ටයිප් කළ පසු ඊළගට වේරියබල් එක සදහා නමක් ටයිප් කළ යුතුය. මෙය variable declaration ලෙස හැදින්වේ. මෙහිදී අප යොදා ඇත්තේ bytevar යන නමයි:
byte bytevar
මීලගට මෙම වේරියබල් එකට අගයක් ආදේශ කළ යුතුය. මෙය variable initialization ලෙස හැදින්වේ. එය කරන්නේ වේරියබල් නම ඉදිරියේ = සළකුණ සහ ආදේශ කළ යුතු අගය ටයිප් කිරීමෙනි. එසේ කර අවසානයේදී සෙමිකෝලන් එකක් ; යෙදිය යුතුය:
byte bytevar = 100;
ඉහත වැනි ජාවා ලයින් එකක් ජාවා statement එකක් ලෙස හැදින්වේ. සෑම ජාවා ස්ටේට්මන්ට් එකක්ම ඉහත ලෙස සෙමිකෝලන් එකකින් අවසාන කළ යුතුය.
දැන් bytevar වේරියබල් එක තුළ 100 අගය ගබඩා වී ඇත. මෙම අගය වැඩසටහන මගින් අවුට්පුට් කිරීමට නම් System.out.println() ෆන්ක්ෂන් එක භාවිතා කළ යුතුය (ෆන්ක්ෂන් යනු මොනවාදැයි පසුව බලමු):
System.out.println(bytevar);
වීඩියෝ එකේ දැක්වෙන පරිදි මෙසේ සෑම දත්ත වර්ගයක් සදහාම වේරියබල් සාදා, ඒවාට අගයන් ආදේශ කොට, එම අගයන් අවුට්පුට් කළ හැකිය. long වැනි විශාල දත්ත වර්ග සදහා විශාල අගයන් ලබා දී ඇත. float සහ double සදහා අගයන් ලබා දීමේදී අගය අවසානයේදී පිලිවෙලින් f සහ d යොදා ඇති බව බලන්න:
floaf floatvar = 100000.99f ;
double doublevar = 100000000000.99d;
boolean වේරියබල් සදහා ture සහ false අගයන් ලබා දී ඒවා අවුට්පුට් කර ඇත.
char සදහා quotes තුළ 'A' '?' ආදී වශයෙන් කැරැක්ටර්ස් ආදේශ කොට ඇත.
To be continued...
class variableExample{
ReplyDeletepublic static void main(String args[]){
int x = 10 ;
System.out.println(x);
}
}
මේ කෝඩ් එක කම්පයිල් වුණත්
class variableExample{
int x = 10 ;
public static void main(String args[]){
System.out.println(x);
}
}
කෝඩ් එක කම්පයිල් වෙන්නේ නැත්තේ ඇයි?
එල එල දිගටම ලියන්න ඔබට සදා ජයම වේවා
ReplyDelete